gossip

සාරංග වෙනස් වුණේ ඇයි?

අපි කවුරුත් හොඳින් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර අපිට මේ දිනවල “වෙස්” නාට්‍යයෙන් වෙනස්ම විදියට දැක ගන්න පුළුවන්. සාරංගගේ වෙනස ගැන කතා කරන්න අපි ඔහුව සම්බන්ධ කරගත්තා.

Related image

මේ දවස්වල වෙස් නාට්‍යයෙන් ඔබව දකින්න ලැබෙනවා?

ඔව්. ධනුෂ්ක රත්නායක තමයි මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ. දේවින්ද සහ රයන් කියන එකම කෙනාගේ කාල දෙකක චරිත දෙකක් තමයි නිරූපණය කරන්නේ. වෙනස් රිද්මයකට යන වැඩක්. ඒකට ඇත්තටම ප්‍රතිචාර හොඳයි.

ඇයි මේ වගේ වෙනස් මුහුණුවරකට මාරු වෙන්න හිතුවේ?

මේක හොඳ අවස්ථාවක් මගේ හැකියාව පෙන්නන්න. ඒ වගේම මටම අභියෝගයක් කරගන්න. අධ්‍යක්ෂවරයා එක්ක කතා කරද්දී වගේම රූගත කිරීම් කරද්දිත් ඒ වැඩේ ගැන මට පැහැදීමක් ඇති වුණා.

මේ දෙබිඩි චරිතේ ඔබේ සැබෑ ජීවිතේට සම්බන්ධයක් තියෙනවද?

නැහැ නැහැ. මේ චරිතේ දේවල් මගේ සැබෑ ජීවිතේට සම්බන්ධ නෑ. මේක මන–කල්පිත චරිතයක්.

රඟපාද්දි එකට රඟපාන අය ගැනත් ගොඩාක් හිතනවාද?

එහෙම නෑ. ලැබෙන නිර්මාණයේ චරිතය හොඳයි කියලා හිතෙනවා නම් ඒක භාරගන්නවා. ඉන්න අනෙක් අය ගැන නෙවෙයි චරිතයේ වැදගත්කමයි මට වටින්නේ.

ඔබට ටෙලි නාට්‍ය කලාවේ හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා හිතනවද?

ඒක හරියටම කියන්න මම දන්නේ නෑ. අධ්‍යක්ෂවරු තමයි ඒක තීරණය කරන්නේ.

දැන් සම්මාන උළෙලවල ලොකු තරගයක් ගොඩනැඟිලා තියෙනව ජනප්‍රිය සම්මානයට. ඔබත් ජනප්‍රිය ගොන්නේ කෙනෙක්. ඇත්තටම ජනප්‍රියත්වය සම්මානවලින් මනින්න පුළුවන්ද?

සම්මානවලින් අවංකවම ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ මනාප නම් ජනප්‍රියත්වය ඒකෙන් මනින්න පුළුවන්. එක සිම් එකකින් එක එස්.එම්.එස්. එකක් එවන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් ඇත්තටම හොඳයි. නඥධනතඥ’ඵ චඹචපඤ වගේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් හරහා දෙන සම්මානයක් වගේ නම් මේ ප්‍රශ්නය නෑ. නළු නිළියන් සහ නිෂ්පාදකයන් එකතුවෙලා සම්මාන උළෙලවල සංවිධායකවරුන්ට යෝජනා කරනවා නම් එක ෆෝන් එකකින් එක එස්.එම්.එස්. එකක් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන. ඇත්තටම ඒක සාර්ථක වෙයි.

ගායනය පැත්තෙන් අලුත් යමක් දැක්කේ නැත්තේ දැන් ගායනය අතහැරලද?

අලුත් ගීතයක් කරන්න බැරි වුණා. ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට නම් සහභාගි වුණා. තාත්තාගේ ගීත තමයි ඒකෙදි ගායනා කළේ.

ගායන කටයුතු මඟහැරෙන්නේ ඇයි?

කාර්යබහුලත්වයත් එක්ක සංගීතඥයන් මුණගැහෙන්න කාලය හොයාගන්න අමාරුයි. ගායනයට සමහර ආරාධනා ලැබෙනවා. ඒවා මගේ හිතට හරියන්නේ නෑ.

ආයෙත් ජීවිතේට විශේෂ කෙනෙක් එකතු කරගන්න අදහසක් නැද්ද?

නෑ. එහෙම විශේෂයක් මට අවශ්‍ය නෑ. මේ ඉන්න විදිය හොඳයි.

හැබැයි සමහර නිළියන්ගේ නම් සාරංගත් එක්ක පටබැඳිලා තියෙනවා?

ඒ කටකතා ඉතින් මුල් කාලේ ඉඳලාම තියෙනවා. ඒවා දැන් මට පුරුදුයි. අනෙක් එක ඒවා මේ රැකියාවේම කොටසක්.

වැඩිපුරම රඟපාන්න කැමැති රංගන ශිල්පිනිය කවුද?

චාන්දනී සෙනෙවිරත්න එක්ක තමයි වැඩිපුරම රඟපාන්න කැමැති.

උදාරා ඉන්දීවරී ජිනදාස
ඡායාරූප – ධනුෂ්ක රත්නායක

අනිත් අයටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top