දැනුම

ජලයෙන් තොරව ජීවත්වන මත්ස්‍යයන්

නලියන චලනයක් ඇතිව මත්ස්‍යයෙකු හදිසියේ ගොඩබිම ගමන් කිරීම දක්නට ලැබීම මගින් සාමාන්‍ය ජලජ මත්ස්‍ය විශේෂ භෞමික විශේෂයක් බවට පරිවර්ථනය වීම හෙවත් පැරණි පෘෂ්ඨවංශීන් මුහුදේ සිට ගොඩබිම වෙත පැමීණිම විදහා දක්වයි.
අප්‍රිකානු ගංඟාවල පිහිනමින ජීවත්වන Senagal bichir (Polypterus senagalus) නමින් හඳුන්වන නවීන මත්ස්‍ය විශේෂය දිගු පෙනහළු සහ කරමල යන අවයව දෙකටම හිමිකම් කියන දිගැති මත්ස්‍යයෙකු වේ. මොවුන්ට ජලයෙන් තොර පරිසරයේ ලිස්සායාමේ හැකියාව ඇත.

Image result for Senegal bichir

මොන්ට්‍රියල්හි මැක්ගිල් විශ්වවිද්‍යාලයේ එමිලි ස්ටැන්ඩන් (Emily Standen) මෙම මත්ස්‍යන් යොදාගෙන පරීක්ෂණ වල යෙදෙන ලදී. මේ සදහා ඇය විසින් විශේෂ පතුලක් සහිත ටැංකියක් නිර්මාණය කරන ලද අතර එහි ජල ප්‍රමාණය ඉතා කුඩා මිලිමීටර ගණනක් තරම් වූ අතර මත්ස්‍යන්ට එම මතුපිටින් ලිස්සායාම/සෙලවීමට පමණක් අවකාශ ලබාදුනි.

මෙම මත්ස්‍යන්ට වැඩීමට ඉඩ ලබාදීමේදී අමතර වාතාශ්‍රය ලැබෙන පරිදි ටැංකි නිර්මාණය කරන ලද අතර විශේෂ ආහාර සපයමින් මාස 8 ක කාලසීමාවක් අවසානයේදී සෙනටිමීටර 7-8 ක් පමණ දිග නොමේරූ මත්ස්‍ය රංචු වේගයෙන් වරල් ගසමින් පතුල තුල ලිස්සා යන අයුරු දක්නට ලැබුණි.

මෙම මත්ස්‍යයන් පරිණත වන විට අස්ථිවල වර්ධනයේදී සිදුවන වෙනස්කම් මුහුදේ සිට ගොඩබිමට සංක්‍රමණය වීමේදී ජිවියෙකුගේ සිදුවන වෙනස්කම් වලට සමාන බව විද්‍යාඥයන් අනාවැකි පලකරන ලද බව එමිලි ස්ටැන්ඩන් පවසයි. තරුණ මත්ස්‍යයන්ට පිහිනීමට නොව ඇවිදීමට බලපෑම් කරන ලැබූ අතර මෙම බලපෑම නිසා ජලයේ ආධාරයක් නොගෙනම තම බර දරාගෙන ඇවිදීමට හැකියාව ඇති වූ බව එමිලි ස්ටැන්ඩන් සහ ඇයගේ සහායකයන් ප්‍රකාශ කරන ලදී.

මත්ස්‍යයන්ගේ කරමල් ප්‍රදේශය සුළු වශයෙන් විශාල වි ඇති අතර අස්ථි සම්බන්ධතාවයන් හිසේ පසු ප්‍රදේශය දක්වා සුළු වශයෙන් ගමන් කර ඇත. නම්‍යශීලි ගෙලක් වර්ධනය වීමේ මුල් පියවර මෙයවේ. (ජලයේ සිටින මත්ස්‍යයකුට ගෙලක් අවශ්‍ය නොවේ. නමුත් ගොඩබිම සිටින මත්ස්‍යයකුට ආහාර ලබාගැනීමේදී ගෙල ඉහල හෝ පහල කිරීමට හැකිවීම ඉතා වැදගත් වේ.)

ගොඩබිම සංචරණයේදී ඔවුන්ගේ උස සුළු වශයෙන් වැඩි වූ අතර උරහිස ඉදිරියටත් එසවීමට හැකි වී තිබේ. ගොඩබිම සිටින ඛන්ඩිකාමය පෘෂ්ඨවංශින්ගේ ඝණයට මොවුන් අයත් නොවන නමුත් ඔවුනට සබඳතාවක් පෙන්වයි. Bichirs ගේ වෙනස්වීම් අධ්‍යනයෙන් පෙනී යනුයේ මොවුන් මුල් අවස්ථාවේ මත්ස්‍යයන් නොවූ බව හෝ තවදුරටත් මත්ස්‍යයන් නොවන බව, එමිලි ස්ටැන්ඩන් පවසයි.

එක් පරම්පරාවක් පුදුමාකාර තත්ත්වයන් යටතේ වර්ධනය වීමෙන් පෙනී යනුයේ මෙම වෙනස්වීම් සිදුවන්නේ ජලයෙන් පිටත ජිවත්වීමට අනුවර්තනයක් ලෙස බවත්, පරිසර වෙනස්වීම්වලට ලක් වූ විට ජානවල වෙනස්වීම්වලින් තොරව නව ආකාර ඇතිවිය හැකි බවත්, මෙම වෙනස්වීම් සාගරයේ ජීවත්වූ පෘෂ්ඨවංශීන් ගොඩබිමට පැමිණ ජීවත්වීමට විශාල කර්තව්‍යයක් වූ බවත් බ්ලූමින්ටන්හි ඉන්දියානා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ ආමින් මොසෙක් පවසයි.

වර්තමානයේ ජීවත්වන මත්ස්‍යයන්ට ගොඩබිම ජීවත් වීමට, වෙනස්වීමට නම්‍යශිලිතාවයක් තිබීමෙන්, අතීත මත්ස්‍යයන්ට එවන් හැකියාවක් තිබූ බව නොකියවෙන නමුත්, වර්ධනය වීමේ සුවිකාර්යතාවයෙහි පලමු පියවර ලෙස සැලකිය හැකිබව මෙම පරීක්ෂණය මගින් පෙන්වා දෙයි.

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top