News

බුදුන්ගේ රස්තියාදුව’ නමැති ග‍්‍රන්ථයේ කතුවරයා, මුද‍්‍රණකරු හා බෙදාහරින්නා හා අලෙවිකරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරන ලෙස ඇමති විජේදාසගෙන් පොලිස්පතිට ලිපියක්

‘බුදුන්ගේ රස්තියාදුව’ නමැති ග‍්‍රන්ථයේ කතුවරයා, මුද‍්‍රණකරු හා බෙදාහරින්නා හා අලෙවිකරන්නන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා වෙත අද ලිපියක් යවා තිබේ.

මෙකී ග්‍රන්ථයේ අන්තර්ගතය තුළ ඉතා පහත් සහ නිහීන ලෙස බුදුන් වහන්සේට නින්දා සහ අපහාස සිදු කර ඇති බවත් මේ තුළින් සමස්ථ බුදුදහම නිගාවට ලක්කොට ඇති බවත් අමාත්‍යවරයා ලිපියේ සඳහන් කොට තිබෙනවා.

ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290A, 291A 291B යන වගන්ති යටතේ අදාළ ප්‍රකාශයනය නිකුත් කළ කතෘ බෙදාරින්නන් හා අලෙවිකරුවන් වරදක් සිදුකොට ඇති බවත් පරීක්ෂණයක් සිදුකොට හැකි ඉක්මණින් ඔවුන්ට දඩුවම් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ලිපිය මගින් නියෝග කොට තිබෙනවා.

අමාත්‍යවරයා ලිපියේ සදහන් කර ඇත්තේ මෙම ග‍්‍රන්තයේ අන්තර්ගතය මගින් බුදුන් වහන්සේට හා බෞද්ධ ආගම ඉතා පහත් හා නිහීන ලෙස නින්දාවට පත්කර ඇති බවයි.

මෙම ග‍්‍රන්ථය මුද‍්‍රණය කළ ප‍්‍රකාශන ආයතනයේ හිමිකරු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මෙම ලිපිය සමාජ ජාලයට ද මුදාහැර තිබුණි.

එහි පිටපත් ජනපති හා අගමැති වෙතද යොමු කර තිබෙනවා

39743637_688242771522179_8787255830643736576_n

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top