ලෝකය

අනාගත යුද පෙරමුණේ සටන් වදින රොබෝ හමුදා බළඇණි මෙන්න

යුද ගැටුම්වලින් නිසැක ජය ලබන්නට බලවතුන් හීන්සීරුවේම කාටත් හොරා අත්හදා බැලීම් කරන්නේ තරගයටය. ඇමෙරිකානු ආරක්‍ෂක බලමුළුවලට සුපිරි යුද්ධයකදී ජය ගන්නට කෙටි ක්‍රම හා අඩු හානි සහිත මෙහෙයුම් අත්‍යවශ්‍ය යන යෝජනාව මේ පිළිබඳව පර්යේෂණ පවත්වන ඔවුන්ගේ සුපිරි විද්‍යාඥයන් ඉදිරියේ තැබුණේ ටික කලකට පෙරය.

Image result for ROBOT ARMY

අරමුණ සතුරා අළු දූවිලි කර දැමීමට නම් මිනිසුන් විනාශ නොවී තාක්‍ෂණ යුද්ධයක් කළ යුතු යැයි තීන්දු විය. එහිදී අධි තාක්‍ෂණික මෙවලම් මඟින් තත්ත්පර ගණනකදී සතුරා වනසා දැමීම ඉලක්ක ගත ව්‍යාපෘතිය විය. මේ පිළිබඳව පෙන්ටගනයේ අධිතාක්‍ෂණික කටයුතු සිදු කරන පර්යේෂණ නියෝජිත ආයතනය වන ච්ඒඅර්ථීඒ හරහා මේ වෙනුවෙන් කටයුතු යුහුසුලු විය.

එහිදී එක් යෝජනාවක් වූයේ ඇමෙරිකානු හමුදා භටයාට තමන්ගේ මනස දුරස්ථ පාලකයක් විදියට යොදාගෙන මිනිස් රූපයකට අතිශය සමාන රොබෝවකු හසුරුවන්නට අවස්ථාව දිය යුතුය. මෙය මෙහෙයුමකදී හමුදා භටයා විපත සිදුවිය හැකි, ගැටුම සිදුවිය හැකි මරු කටට නොගිහින් රොබෝව හරහා ඉතා සූක්‍ෂ්ම විදියට සතුරාට පහරදී විනාශ කර දමන්න පුළුවන්. මෙය තවත් දියුණුවට පත් කර ගත හොත් මිනිසා වගේම සිතන අතිශය සංවේදී පරිගණක පද්ධතියක් හා බද්ධ වී සැලසුම් සහගතව සතුරු ඉලක්ක වෙත ළං වන්නටත් සතුරාගේ තාක්‍ෂණික මෙවලම්වලින් ගැලවී ගොස් සතුරා වනසා දමන්නටත් හැකි වෙනවා.

ඒ අනුව මේ වන විටත් දෙවිධියකින් යුද භටයා සම්බන්ධ වී හෝ එසේ නොවී යුද පෙරමුණේ මරු කටට යැවිය හැකි රොබෝවරු සූදානම් කෙරෙමින් පවතියි. ද ඩිෆෙන්ස් ඇඩ්වාන්ස්ට් රිසර්ච් ප්‍රොජෙක්ට් ඒජන්සිය මේ වෙනුවෙන් බරපතළ ලෙස කටයුතු කරන්නට යුහුසුලුව ඇත.

Image result for ROBOT ARMY

එහිදී දැනට අතිශයින්ම සාර්ථක වූ පර්යේෂණ අතර වැදගත්ම දේ වන්නේ හමුදා භටයා ඉටු කරනවාටත් වඩා ඉතා හොඳින් අර්ධ වශයෙන් මිනිසාට සමාන ක්‍රියාවලියක් සහිත දෙපා යුග ක්‍රියාත්මක කළ හැකි මිනිස් සොල්දාදුවා මෙන් ක්‍රියාත්මක විය හැකි මුර කිරීම, යුද බිමේදී තුවාල ලත් සෙබළුන් රැගෙන ඒම වැනි අතිශය අවදානම් මොහොතකදී ක්‍රියාත්මක රොබෝ සෙබළාය.

මේ අනුව ගොඩබිම් යුද්ධයකදී එහි අතිශය තීරණාත්මක ස්ථානවලදී මිනිසාගේ රූපයට සමානව දුරස්ථ පාලක ටෙලි රූපණ රොබෝ තාක්‍ෂණය දියුණු කෙරෙමින් පවතියි. ඒ සඳහා සුපිරි අත්හදා බැලීම් ද සිදු කෙරෙමින් තිබෙනවා. මිනිසාට සමාන හැසිරීම් ඇති වඳුරන්ගේ සිතිවිලි මේ කියන ටෙලි රූපණ රොබෝ යන්ත්‍ර මඟින් ක්‍රියාත්මක කොට එහි සාර්ථකත්වය අත්හදා බලමින් පසුවෙනවා.

මෙය බිහිසුණු යුද්ධයකදී කොතෙක් දුරට යොදා ගන්නට සිතා සිටිනවා ද යන්න තවමත් පැහැදිලි කර නැති අතර අනාගත සැලසුම්වල ඇත්තේ මිනිසුන් යුද බිමට නොයවා රොබෝවරුන්ම යැවීමේ ක්‍රියාන්විතයන්ය. ඒ අනුව එය අධිතාක්‍ෂණික යුද්ධයක් දක්වා දුරදිග යන තැනකට තල්ලු වී ඇත.

ඇමෙරිකාව පෙන්ටගනයේ සැලසුම්වලට හා අදහස්වලට අනුව යමින් මිලිටරිමය කටයුතු සඳහා රොබෝ තාක්‍ෂණය සඳහා පෙරමුණු ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව රොබෝවරුන් භාවිත කර ගනිමින් ඉහළ අහසේ සිට ඔත්තු බලන ඩේ‍රා්න යානා හා පොළොවෙහි සිට සම්බන්ධ වන පරිගණක ජාලයක් හරහා ඉතා රහසිගතව සතුරු ඉලක්ක වෙත හීන් සීරුවේ ළඟාවී සතුරු මෙවලම්වලින් ද බේරී ගොස් සතුරා මුළුමනින්ම වනසා දැමීමට හැකි වන්නේය.

Related image

මේ වන විටත් ඇමෙරිකානු හමුදා අතිශය සංවේදී පරිගණක සංවේදකයන් හරහා ඩේ‍රා්න යානා මඟින් අහසේ සිට ඔත්තු බලා ස්ථාන ගත වී සතුරු ඉලක්කය ස්ථීර වශයෙන්ම තහවුරු කරගෙන ගුවනේ සිටම අධි තාක්‍ෂණික හරඹයකින් වනසා දමමින් පවතී. අයි.එස්්. ත්‍රස්තවාදීන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කරමින් ඉතාමත් සාර්ථක මෙහෙයුම් දැනටමත් සිදුකර ක්‍රියාන්විත සාර්ථක කරගෙන ඇත.

මෙයින් ඇතැම් ඉලක්ක වෙත එල්ල කෙරුණු ප්‍රහාර වැරදුණු තැන්ද තිබුණත් පර්යේෂණ අනුව එහි තියුණු ඉදිරි පියවර වෙත යමින් සිටී. මේ අනුව මිනිසුන්ගෙන් තොර රොබෝවරුන්ගේ සුපිරි දක්‍ෂතාව අනුව අධි තාක්‍ෂණික යුද්ධයකින් පමණක් යුද ජය ලබා ගත හැකි වන තැනට ලෝකය වේගයෙන් ඇදී යමින් පවතී.

සුලක්ඛන ජයවර්ධන

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීම මවිබිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top