gossip

ලොව කලඹන අනාවැකි කිහිපයක් දිගම චන්ද්‍රග්‍රහණයෙන් ලෝකයට මහ විපතක්

අෑත අතීතයේ සිටම ලෝකය ගැන විශ්වය ගැන විවිධ අනාවැකි පළ කළ පුද්ගලයෝ විසූහ. අතීතයේ ජීවත් වූ පුද්ගලයන් ඉසිවර නුවණින් මෙන් දැක වර්තමානය සම්බන්ධයෙන් පළ කළ අනාවැකි බොහෝමයක් මේ වන විට සැබෑවී ඇත. විවිධ අනාවැකිකරුවන් තම තමන්ගේ අනාවැකි පළ කිරීමට විවිධ ක්‍රම උපයෝග කර ගනිති.

Image result for Lunar eclipse

සමහරු තම අධි මානසික හැකියාව ඒ සඳහා යොදා ගන්නා අතර තවත් අය අදෘෂ්‍යමාන ජීවීන් ගෙන් ඒ සඳහා උපකාර පතති. තවත් සමහරු පළිඟු බෝල, අඳුන යනාදිය දෙස බලාගෙන අනාවැකි පළ කරති. මීට අමතරව විවිධ ස්වභාවික සංසිද්ධි දෙස බලාගෙන ඒ හරහා අනාවැකි පළ කරන්නෝද සිටිති. එවැනි ස්වාභාවික සංසිද්ධියක් මුල්කරගෙන පළ කර ඇති අනාවැකි කීපයක් වර්තමානයේ දැඩි ලෙස කතාබහට ලක්වී ඇත.

පසුගිය ජූලි 27 වැනිදා සිදුවූ චන්ද්‍රග්‍රහණය මෙසේ අනාවැකිකරුවන්ගේ අවධානයට ලක්වූ වර්තමාන සංසිද්ධිය වේ. චන්ද්‍රග්‍රහණයක් සිදුවීම දුර්ලභ ග්‍රහ පිහිටීමක් ලෙස සැලකේ. පෘථිවිය, චන්ද්‍රයා හා සූර්යා එකම රේඛාවක පිහිටීමත් චන්ද්‍රයා හා සූර්යා අතරට පෘථිවිය පැමිණිම හේතුවෙන් එහි සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටී සඳ අඳුරු වීම මෙහිදී සිදුවේ. ජූලි 27 වැනිදා සිදුවූ චන්ද්‍රග්‍රහණය ඉදිරි සියවස තුළ සිදුවන දීර්ඝතම චන්ද්‍රග්‍රහණය වන අතර එහි සුවිශේෂතා කීපයක්ම දක්නට ඇත. එදින චන්ද්‍රග්‍රහණය සිදුවූ කාල සීමාව තුළ සඳ ලේ රතු පැහැයෙන් දිස්වීම එහි සුවිශේෂම ලක්ෂණයයි. මෙය.

Image result for Lunar eclipse

පර්යේෂකයන් හඳුන්වා ඇත්තේ “ඡතධධඤ ථධධද” නමිනි අනාවැකිකරුවන් පවසන්නේ මෙසේ ලේ රතු පැහැයෙන් සඳ දිස්වීම විශාල විනාශයක පෙරනිමිත්තක් බවයි. මින් පෙර 20 වැනි ශත වර්ෂයේදී මෙසේ ලේ රතු පැහැයෙන් සඳ දිස්වූ පසු ඊශ්‍රායලය බිහිවී ඇත. එය මැද පෙරදිග යුද ගිනි දැල් ඇවිළීමට සමත් විය. ඒ අනුව මෑතක දිස්වූ ලේ රතු පැහැ සඳ අනාගත ලෝකයට මහත් විනාශයක් සිදු කරනු ඇති බව අනාවැකිකරුවන් පවසා ඇත. ඔවුන්ගේ මේ මතය සනාථ කිරිමට මෙන් චන්ද්‍රග්‍රහණය සිදුවීමට දින කිහිපයකට පෙර සිටම ලොව විනාශකාරී සිදුවීම් සිදුවන්නට විය.

ජපානයේ අධික උෂ්ණත්වය හේතුවෙන් දහස් ගණන් ජනයා මිය ගියහ. ලාඕසයේ වේල්ලක් කඩා වැටී සිය ගණන් පිරිස් අතුරුදන් වූහ. ග්‍රීසියේ විශාල පිරිසකගේ ජීවිත ළැව්ගිනි හේතුවෙන් හානියට පත් විය. අභ්‍යවකාශ පර්යේෂණ පිරිසක්ද සඳහන් කරනුයේ ලේ පැහැ සඳ සමඟ භූමිකම්පා හා ස්වාභාවික ව්‍යසනයන් වර්ධනය වීම ස්වභාවික සිදුවීමක් බවයි. වර්ෂ 2004 සුනාමි ව්‍යසනයට පෙරද මේ ලේ පැහැ සඳ දක්නට ලැබුණු බව ඔවුන්ගේ මතයයි.

ඇමෙරිකානු අනාවැකිකරුවෙක් වන පොල් බැන්රේ පවසන්නේ ලේ රතු පැහැයෙන් සිදුවන චන්ද්‍රග්‍රහණ පෘථිවියට දැඩි අවදානම් සහගත බලපෑමක් සිදු කරනු ලබන බවයි. ඔහුගේ අදහස නම් අනාගතයේ සිදුවන දරුණු යුද ගැටුම් මේ මඟින් ඉඟි කරන බවයි. එමෙන්ම ලොව පුරා ගිනිකඳු සක්‍රිය වීමේ හා මුහුදු ජලයේ ඉහළ යෑමක් මේ මඟින් සිදුවන බව ඔහු තවදුරටත් පවසා සිටී. ඔහු පවසන්නේ ලේ පැහැති සඳ මඟින් පාථිවියට දැඩි බලපැම් එල්ලවන බවයි.

දැනටම් මේ බව සනාථ කරමින් ජපානයේ ඉතිහාසයේ කිසිදු නොවූ විරූ පරිදි උෂ්ණත්වය ඉහළ ගොස් මිනිසුන් විශාල පිරිසකගේ ජීවිත අහිමි වී ඇත. එසේම ඉතා දරුණු ව්‍යසනයන් පිළිබඳ පුවත් ලොව නන් දෙසින් වාර්තා වී ඇත.

විවිධ ආගමික කණ්ඩායම් ද මේ පිළිබඳ විවිධ මත ඉදිරිපත් කර තිබේ. ඇමෙරිකානු ආගමික කණ්ඩායමකගේ මතය වී ඇත්තේ ලේ රතු පැහැ සඳ ලෝක විනාශයක පෙරනිමිත්තක් බවයි.කෙසේ වෙතත් මේ සියවසේ දැවැන්තම චන්ද්‍රග්‍රහණය පැ.1 වි. 43ක් පවතින අතර සඳ රතු පැහැයෙන් මෙසේ දිස්වන්නේ වසර 15කට පසුවය. කෙසේ නමුත් නාසා ආයතනය මේ පිළිබඳ සඳහන් කරන්නේත් මෙය එක්තරා සුවිශේෂ ග්‍රහ පිහිටීමක් පමණක් වන බවයි. ඒ තුළින් පෘථිවියට කුඩා කුඩා බලපෑම් එල්ල වුවද මහා පරිමාණයේ ව්‍යසනයන් සිදුවීමට ඉඩ නොමැති බව ඔවුන්ගේ අදහසයි.

ඔවුන්ට අනුව මෙය සාමාන්‍ය සංසිද්ධියක් පමණි. කෙසේ නමුත් අපගේ පැරැන්නෝ පවා සඳ පිළිබඳ නිරීක්‍ෂණය කිරීමෙන් විවිධ අනාවැකි පැවසීමට පුරුදු වී සිටියහ. පුරසඳ දිස්වන කාලයට ස්වභාව ධර්මයේ යම් යම් අසාමාන්‍ය සිදුවීම් සිදුවන බව ඔවුන්ගේ මතය විය.

පුරාණයේ දින දර්ශනය පවා සකස් වී තිබුණේ සඳේ ගමන අනුවය. බෞද්ධාගමේ පෝය දිනයන් සමඟද සඳේ විශාල බැඳීමක් පවතී. මේ හේතූන් නිසා සඳේ සිදුවූ මෙම විපර්යාස සුළුවෙන් තැකිය නොහැකිය. සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණයෙන් හා ලේ පැහැ සඳ දිස්වීමෙන් පසු පෘථිවියට කවර අන්දමේ ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවේ දැයි මේ වන විට ලෝක වාසීන් හැම දෙනාගේම අවධානය යොමු වී ඇත.

යාළුවන්ටත් කියවන්න SHARE කරන්න

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top