gossip

හැමෝගේම ඉල්ලීමට කන්දී වික්ටර් තීරණය වෙනස් කර ගනී

අපේ රටේ ගායකයෙකු හෝ ගායිකාවක විසින් පවත්වන ලද සාර්ථකම ඒක පුද්ගල ප්‍රසංග මාලාව, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය බව කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. කොහොම නමුත්, ‘ස’ ප්‍රසංග මාලාවේ ජනප්‍රියත්වය බිඳකින් හෝ අඩු නොවී තිබියදී, එය නවත්වා දැමීමට මීට වසර කිහිපයකට පෙර වික්ටර් රත්නායකයන් තීරණය කළා. වික්ටර් රත්නායකයන් “රිද්ම”ට හෙළිකරන මේ අලුත්ම ආරංචිය ‘ස’ ප්‍රසංගයට පෙම්බැඳි හැමෝටමත් අතිශය සතුටුදායක එකක් වනවාට කිසිදු සැකයක් නැහැ.

Image result for VICTOR RATHNAYAKA

‘ස’ ප්‍රසංග මාලාවට තිත තැබුවාට පස්සේ ඔබ නැවතත් ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් පවත්වාවි කියලා බොහෝ දෙනා බලා‍පොරොත්තු වුණේ නැහැ. නමුත් අද වෙද්දී ඔබේ තීරණය ඔබ වෙනස්කර තිබෙනවා. එහෙම නේද?

ඔව්, මම ‘ස’ ප්‍රසංග මාලාව නවත්වා දැමුවේ 2012 වසරේදීයි. ඒ වෙද්දී ‘ස’ ප්‍රසංග මාලාවට අභියෝගයක් වෙනවා තබා ඒ කිට්ටුවටවත් එන්න පුළුවන් විදිහේ ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් අපේ රටේ කිසිම ගායකයෙක් හෝ ගායිකාවක් කරලා තිබුණේ නැහැ. ‘ස’ ප්‍රසංගය නවත්වා දමපු දවසේ ඉඳලාම රසික රසිකාවියන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් වෙන්න පටන් ගත්තා නැවත එවැනි ප්‍රසංග මාලාවක් පටන් ගන්න කියලා.

Image result for VICTOR RATHNAYAKA

ඒ වගේම ‘ස’ ප්‍රසංගය නවත්වා දැමීම ගැන සමහරු මට දෝෂාරෝපණය කරන්නත් වුණා. මේ ලැබෙන ප්‍රතිචාර සලකා බලද්දී මට වැටහුණා තවමත් මට ගීත ගායනා කරන්න හැකියාව තිබියදීත් රසික ප්‍රජාවගෙන් ලැබෙන මේ ප්‍රතිචාර ගැන නොසලකා හැරීම වැරදියි කියලා. ඒ අනුව තමයි මම තීරණය කළේ ඔවුන් වෙනුවෙන් තවත් ඒක පුද්ගල ප්‍රසංග මාලාවක් ආරම්භ කරන්න.

දශක ගණනාවක් තිස්සේ හැමෝටම පුරුදු ‘ස’ කියන නම අත්හැරලා අලුත් නමක් එක්ක නේද ඔබ මෙවර කරළියට එන්නේ ?

මේ ප්‍රසංගය මම නම් කළේ “සරස – රත්නමය ගී අමානන්දය” නමින්. මම නැවත ‘ස’ ප්‍රසංග පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට පවත්වන මෙම නවතම ප්‍රසංගය නැරඹීමෙන් ප්‍රේක්ෂකයන්ට ලැබෙන්නේ ‘ස’ ප්‍රසංගය නැරඹුවාට වඩා වෙනස් රසයක්. මොකද ‘සරස’ ප්‍රසංගය ‘ස’ ප්‍රසංංගයට වඩා ව්‍යුහමය වශයෙන් වෙනස්. මේ ප්‍රසංගයේදී මම මගේ මතෛක් නොගැයූ අලුත්ම ගීත වගේම, මගේ අතිශය ජනප්‍රිය ගීතත් ගායනා කරනවා. ප්‍රේම ගීත, බෞද්ධ ගීත, දේශාභිමානී ගීත, ආදී වශයෙන් එක් එක් තේමාවන් ඔස්සේ බෙදා වෙන්කරගෙනයි මම මේ ප්‍රසංගයේදී ගීත ගායනා කරන්නේ.

අලුත් ගමන ආරම්භ කිරීමට දැනටමත් දින වකවානු වෙන්කරලා නේද තියෙන්නේ?

ඔව්, ‘සරස’ මංගල ප්‍රසංගය ලබන අගෝස්තු 11 වැනිදා සවස 6.30ට මහනුවර, ‍පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේදියි පැවැත්වෙන්නේ. සුසිල් අමරසිංහ සංගීතය මෙහෙයවීමෙනුත්, වසන්ත රෝහණ නිවේදන කටයුතුවලිනුත් ඊට දායකත්වය ලබා දෙනවා. වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පර්ෂදයේ ප්‍රවීණ කලාකරුවන්ගේ සහ මගේ බිරිඳ හෂිනිගේ සංවිධායක ශක්තියෙන් තමයි මේ ප්‍රසංගය ප්‍රේක්ෂකයන් ඉදිරියේ දිගහැරෙන්නේ.

මංගල ප්‍රසංගය කොළඹින් දුරබැහැර, මහනුවර නගරයේ පවත්වන්නේ ඇයිද කියලාත් සමහරු හිතන්නට පුළුවන්. ඇත්තටම ඒකට හේතුව වුණේ මොකක්ද?

ඊට බලපෑ හේතු කීපයක්ම තිබෙනවා. මගේ උපන්ගම මහනුවර, මහනුවර ර්.ට්.. කලායතනයෙන් තමයි මම සංගීතය මුලින්ම හැදෑරුවේ. මහනුවර ‍ලේක් සමාජ ශාලාවෙන් තමයි මම මුලින්ම රසිකයන් ඉදිරියට ආවේ. එවැනි හේතූන් නිසා මම තීරණය කළා මහනුවරින් මේ ගමන පටන් ගන්න.

කිෂාන් කනංකෙ

උපුටා ගැනීම ලක්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top