ක්‍රිඩා

ක්‍රිකට් පොත වෙනස් කරන අලුත් පහරකට යෝජනාවක්

Image result for umpire six

ලකුණු 8 පහරකට යෝජනාවක්

ඕස්ට්‍රේලියානු පිලේ හිටපු විශිෂ්ටතම පිතිකරුවකු මෙන්ම සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකුද වන ඩීන් ජෝන්ස් මහතා ‘ස්ටාර් ස්පෝර්ට්ස්’හී වැඩ සටහනකට සහභාගී වෙමින් පවසා සිටියේ, මිටර 85 වඩා දුරකට පන්දුව යන පරිදි එල්ල කෙරෙන ලබන පහරක් සඳහා ලකුණු 6ක් නොව ලකුණු 8ක් පිරිනැමිය යුතු බවයි.

විස්සයි 20 තරග රටාව වර්තමානයේ විප්ලවයකට මුලපුරා ඇති අතර සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රීඩාවට වඩා විස්සයි 20 තරග සඳහා ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතී.

ඩීන් ජෝන්ස් මහතා පවසන ආකාරයට වර්තමානයේ ක්‍රීඩාවට වඩාත් ගැලපෙන ආකාරයට නීති රීති වෙනස් විය යුතය.

“8 පහර කදිමයි. ඔවුන් ක්‍රිස් ගේල්ට සහ සියලුම ප්‍රහාරකයන්ට ආදරය කරනවා. හරියට ගෝල්ෆ් වලදී ටයිගර් වුඞ්ස් සහ රොරි මැක්ලෝරි මිටර 350 වඩා ඈතට යන්න පහර දෙනවා වගේ” යැයි ජෝන්ස් මහතා පවසා සිටියේය.

Image result for chris gayle

“තරගය තියෙන්නේ උච්චතම අවස්ථාවේ නම්, ඔවුන්ට අවශ්‍ය ලකුණු 8ක් නම්, මිටර 85 වඩා දුරකට පන්දුව යැව්වානම් හරි. ඔබ හිතන විදියට ක්‍රිස් ගේල් වෙන්න පුඑවන්, ඔන්ඩි්‍ර රසල් හරි කිරන් පොලාඞ් වෙන්න පුඑවන්. ඔවුන් එවිට එය ලබා ගනීවී” යැයි ජෝන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Image result for andre russell

Image result for kieron pollard

ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ජෝ ඩාලින් 1898 දී ප්‍රථම හයේ පහර එල්ල කරද, එය නීතියක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව තුළ භාවිතා කරනු ලැබුවේ 1910 වසරින් පසුවයි. එවකට හතරේ සීමාව පසු කරමින් ඉහළින් ඇදී යන පහරක් සඳහා ලකුණු 6ක් පිරිනැමීමට තීරණය කළේය. එලෙසින් ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ නීති රීති සමුදායක් ඔස්සේ ඉදිරියට ගලා යමින් තිබේ. විස්සයි 20 ක්‍රිකට් තරග පැමිණීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාව බොහෝ සෙයින් වෙනත් මාවතකට ගෙන ගොස් ඇත.

වර්තමානයේ සියලුම තරග නීති රීති වෙනස්වී ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණු වැඩසටහන් සහ විස්තර විචාරක කටයුතු සඳහා ලෝකයේ සෑම තැනකම සංචාරය කර ඇති බවත් එහිදී ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය විශේෂ තැනක් ගන්නා බවත් එහිදී ක්‍රීඩකයන්ට සරිලන මුදලක් උපයා ගැනීමට හැකියාව ඇති බවත් ජෝන්ස් මහතා පවසා සිටියේය.

ඩීන් ජෝන්ස් මහතා මෙම තොරතුරු අනාවරණය කළේ විස්තර විචාරකයකු වශයෙන් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වෙමිණි.

ජෝන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ එංගලන්ත ප්‍රීමියර් (පාපන්දු) ලීග් තරගාවලිය සහ ඇමරිකාවේ ජාතික (පාපන්දු) ලීග් තරගාවලියෙන් පසු ලොව වැඩිම පිරිසක් නරඹන ක්‍රීඩාව මෙය බවයි.

මිනිසුන්ගේ කාර්ය බහුලත්වයත් සමග ටෙස්ට් තරගයක් පැය 6ක් හෝ 7ක් නරඹනවාට වඩා සීමිත ඕවර තරගයක් නැරඹීමට ඔවුහූ ප්‍රිය කරති. එසේම වර්තමානයේ ප්‍රේක්ෂකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින්නේද විස්සයි 20 තරග සඳහාය.

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top