News

ධනංජය සිල්වාගේ පියා වෙඩි තබා මරා දමයි

Image result for dananjaya silva

Image result for dananjaya silva

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

රත්මලාන ප්‍රදේශයේ ඥානේද්‍ර මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 62ක් වයසැති දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා යන අයයි.

සිද්ධිය පිලිබදව මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් නෙත් නිවුස් වෙත ප්‍රකාශ කර සිටියා.

Image result for killed

මේ අතර මෙම සිද්ධිය ආරංචි වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමම මෙම අවස්ථාවේ කළුබෝවිල රෝහල අසලට ගොස් තිබෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සහභාගී වීමට නියමිතව සිටින අතර, ඇතිවී තිබෙන සිද්ධිය සමග ධනංජය ද සිල්වා මෙම සංචාරයට එක් නොවෙනු ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top