News

නගර කිහිපයක විදුලිය විසන්ධි වෙයි.27621 ක් ගංවතුර නිසා අවතැන් වෙයි

හලාවත ග්‍රිඩ් උප පොළෙහි සිදු වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක අද පෙරවරු 11ට පමණ විදුලිය විසන්ධි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

Image result for විදුලිය

එ් කටුනායක, බෝලවත්ත, මාහෝ, පුත්තලම, හලාවත හා අනුරාධපුර යන ප්‍රදේශයන්ට විදුලිය සම්ප්‍රේෂණය කරනු ලබන ග්‍රිඩ් උප පොළවල් ආශ්‍රිතව සිදුව ඇති බිඳ වැටීම්ය.

මේ හේතුවෙන් ප්‍රධාන නගර කිහිපයක විදුලිය මේ වන විට විසන්ධි වී අැත.

Image result for විදුලිය

 

කෙසේ වෙතත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, මෙය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු යොදමින් සිටින බවයි.

පුද්ලයින් 27621 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 194ක තාවකාලිකව රඳවා තිබෙන බව ආපද කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

Image result for අවතැන්

පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙසේ පැවසී ය.

දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක තවදුරටත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී. අද රාත්‍රිය වන විට වර්ෂා තත්ත්වයේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙනවා. කැලණි ගඟේ සහ කළු ගඟේ පහළ ප්‍රදේශත් රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකත් ජල ගැලීම් තත්ත්වය තවමත් වාර්තා වෙනවා.

නිල්වලා ගඟ සහ අත්තනගලු ඔයේ ගංවතුර තත්ත්වය පවතිනවා. මේ පිළිබඳව ජනතාව විමසිලිමත් වන්න. ගඟ අසළ රැදී නොසිටින්න. ගංවතුර නැරඹීම හෝ දිය නෑම,පරිහරණය කිරීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ලෙස ඉල්ලා සිටිනවා.

පුද්ලයින් 27621 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 194ක තාවකාලිකව රඳවා තිබෙනවා. පුද්ගලයින් 84943 දෙනෙකු දැනට පීඩාවට පත් වී ඇති බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.

Image result for අවතැන්

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top