දැනුම

කඩා වැටුණු ජීවිතය ජයගෙන ජීවත් වන හැටි මෙන්න

ජීවිතයේ අප හිමි කරගන්නට වෙර දරන දේ බොහෝය. මිල මුදල්, යාන වාහන, ගේ ‍ෙදාර, පුද්ගල සම්බන්ධතා ආදිය ඒ අතර වෙයි. එහෙත් ඊටත් වඩා වටිනා යැයි හැඟෙන දෙයක් පවතී යැයි කිවහොත් ඇතැමකු විශ්වාස කරන්නට මැළිවනු ඇත. ඔව්. ඒ වූ කලී ‘දිනුම’ යි! සැබැවින්ම උපන්දා සිට මියෙන තෙක් අප උනන්දු වන්නේ දිනන්නට නොවේද? දිනුම හඹා යන සෑම මොහොතකම ඒ හා බැඳුණු අවදානමක්ද අප පසුපස ඇදේ _ බැඳේ. ඒ වනාහි ‘පරාජය’ය යි! ඉදින් ‘ජය’, ‘පරාජය’ දෙකින් තොර ජීවිතයක් අපිට තිබේද?

Image result for businessman

ජයග්‍රහණය මේ සා වැදගත් ලෙස සලකන්නට මිනිසුන් පෙලඹෙන්නේ ‘පරාජය’ නින්දාවට කාරණයකැයි කල්පනා කිරීම නිසාය. බොහෝවිට මෙය මුළාවකි. අනෙක් අතට අනෙකකු ලබන ජය තමාගේ පරාජයක් ලෙස සලකා කම්පාවන්නෝ, පසුබසින්නෝ මෙන්ම ඊර්ෂ්‍යා කරන්නෝද වෙත්. මේ කියන්නට යන්නේද එබඳු හැඟීමකින් පීඩාවට පත්වූ ව්‍යාපාරිකයකුගේ අත්දැකීමකි.

Image result for businessman

‘මේක සිද්ධ වුණේ අවුරුද්දකට දෙකකට කලිනුයි. ඒක මගේ සමාගමේ රාත්‍රි සාදයකදී වෙච්ච දෙයක්. මා කෑම ගනිමින් සිටියේ මගේ සමාගමට අලුතින් ඉතා විශාල මුදලක් ආයෝජනය කළ මැදිවියේ මනුස්සයෙක් එක්ක. ඒ මුදල අපේ ආයෝජන එක්ක සසඳලා බැලුවම ඉතා ඉහළ ගණනක්. ඔහු ගැන ඇති වී තිබුණේ ඊර්ෂ්‍යාවක් බව මට පැහැදිලිව තේරුණා. මම ඒ ගැන කිසිත් නොකීවත් මේ වයස්ගත පුද්ගලයා මගේ හැඟීම් ටක්කෙටම අනුමාන කරන්න සමත් වෙලා කියල මට හිතුණේ ඔහු මගෙ දිහාට ළං වෙලා මෙහෙම කිව්වාමයි.

“ඩේල්!, වෙන කවුරු හරි කෙනෙක් සාර්ථකයි කියල කියන්නෙ ඔබ අසාර්ථකයි කියන එක නෙවෙයි.”

Related image

මේ වචන ටික කණට වැටුණම මං පුටුව උඩ ගල් ගැහුණා. මම ආයෙ ආයෙම කල්පනා කළා. ඇත්තෙන්ම මම කොපමණ වාරයක් තැවිල ඇතිද මගෙත් එක්ක තරග කරන සමාගම්වල ඇතැම් සාර්ථක දේවල් දකිද්දී. ඒ කතාව මගේ ව්‍යාපාර සාර්ථක කරගන්න උපකාරි වුණු පාඩම් අතරින් මම අදත් මහ ඉහළින් සලකනවා.”

මෙය ජය පරාජය ගැන නොසෑහෙන්න ලෙස කරදර වන අය සමාජයේ දකින්නට ලැබෙන සුලබ මානසික ගැටලුවකි. අපේ අසල්වැසියාට ඇත්තේ යමක්ද ඊට සමානව හෝ එය ඉක්මවා යන දෙයක් හිමි කරගන්නා තුරු අප පසුවන්නේ අපහසුවෙනි. අසල්වැසියාගේ වාහනය, රූපවාහිනි යන්ත්‍රය, ශීතකරණය තවත් අසල්වැසියකුගේ තරගයට හේතුවෙයි. අවාසනාවකට මෙන් මේ තරගයේ කෙළවරක් නැත්තේය. එය දුෂ්ට චක්‍රයක් ලෙස ක්‍රියාත්මක වෙයි. අන්තයේදී හිමි වන්නේ අසහනය, මානසික වියවුල පමණෙකි.

Related image

ජය හා පරාජය සමබරව විඳ ගැනීම එදා සිට අද දක්වාම කතා කෙරෙන, එනමුත් ප්‍රායෝගිකව ඉතා අඩු වශයෙන් අත්විඳිනු දකින්නට ලැබෙන කාරණයකි. සැබැවින්ම පරාජය සතුටින් භාරගන්නට ක්‍රමයක් නොමැතිද? තිබේ. එය රහසකි. මේ රහස සැඟවී ඇත්තේ අපේ ඇතළාන්තයේ මිස වෙන කොහි හෝ නොවේ. එය හෙළිදරව් කර ගැනීම අපගේ දක්ෂතාවකි. එයද එක් අතකින් දිනුමකි. මේ රහස් කිහිපය අතරින් මුලින්ම සටහන් කළ හැකි වන්නේ ‘හැකි උපරිමයෙන් කටයුතු කිරීම’ය.

අනෙක් රහස නම් විසල් බලාපොරොත්තු ගොඩනඟා ගන්නට නොයෑමයි. එය සැබවින්ම ඔබේ තෘප්තියට හේතුවනු ඇත. පරාජයක් හිමි වුවද ඔබ ගෞරවනීය ඉසව්වකට පය තබා ඇති බවක් හැඟෙනු ඇත.

ජය හෝ පරාජය පිළිබඳ හැඟීම් සමඟ පොරබදන්නට සිදු නොවන අයකු සොයා ගැනීම උගහටය. ව්‍යාපාරිකයකු වේවා, වෙන යම් වෘත්තිකයකු වේවා, ශිෂ්‍යයකු වේවා, කලාකරුවකු, විද්‍යාඥයකු වේවා, සූපවේදියකු වේවා ජය හෝ පරාජය හමුවේ කටයුතු කරන්නට සිදුවෙයි. ජය පරාජය කුමක් ………………. ඇති සැනසුම නම් හැකි උපරිම ආකාරයෙන් ඉදිරියට ගමන් කිරීමයි. නොනැවතීම පරාජයේදී නොකළ යුතුම දෙයකි.

Image result for businessman

වැදගත්ම දෙය නම් ජය හෝ පරාජය තීන්දු කරගත යුත්තේ අනෙතකුගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය දෙස බලා සංසන්දය කරන්නට යෑමෙන් නොවන බව තේරුම් ගැනීමය. සෑම කෙනකුගේම ජීවිත කතාව අනෙකාගේ ජීවිත කතාවට වඩා වෙනස්ය.

මගේ ජීවිත කතාවේ පළමු පරිච්ඡේදය අනෙකකුගේ කතාවට වඩා සහමුලින්ම වෙනස් විය හැකිය. එය ඔහුගේ දිනුමක් හෝ මගේ පරාජයක් හෝ නොවන බව තේරුම් ගත යුත්තේ මාය. අනෙක් අතට මගේ ජීවිත කතාවේ අවසන් පරිච්ඡේදවලට වඩා මගේ අසල්වැසියාගේ මුල් පරිච්ඡේද කිහිපය අපූරු වන්නට පුළුවන. එහෙත් ඒ මගේ වරදක් නොවේ.

අද පරදින්නේ හෙට දවසේ ජයග්‍රාහකයා විය හැකිය. අද මඟහැරුණු වාසනාව හෙට දවසේ අපේ ‍ෙදාරට තට්ටු නොකරාවි යැයි කාට කිව හැකිද?

Image result for businessman

 

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top