News

රුපියල පහලටම වැටෙයි

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.

Image result for lanka rupees Coins

රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය.

මේ වසරේ ජනවාරි 1 වැනිදා මැයි 11 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top