ලෝකය

දුර්ලභ ඩයිනෝසර් පා සලකුණු ස්කොට්ලන්තයෙන්

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත.

ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති.

දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තිබී මෙම පා සළකුණු සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි.

ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මෙම සොයාගැනීම උපකාර වන බවද ඔවුහු තවදුරටත් පවසති.

එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම මාංෂභක්ෂක සතුන් දඩයම් නොකරන වේලාවන් හිදී කලපුව අසලට පැමිණ නිදහසේ කාලය ගත කරන්නට ඇති බව පැවසේ.

පර්යේෂණ වාර්තාවේ සමකතෘ ස්ටීව් බෘසෙට් පවසන්නේ 2016 වර්ෂයේදී දූපතේ චාරිකා කළ පාසල් සිසුවකු විසින් මෙම පා සළකුණු මුල්වරට සොයාගත් බවයි.

(සීඑන්එන් ඇසුරිණි – 085)  

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top