ලෝකය

මිනි මැරුම් ගැන ඉගි දෙන ඇපල් අත් ඔරලෝසු

‘ඇපල්’ සමාගම විසින් නිෂ්පාදනය කරන අත් ඔරලෝසුවක සටහන් වී තිබූ දත්ත, මිනීමැරුම් නඩුවක සාක්‌ෂි ලෙස ඉදිරිපත් කිරීමට ඔස්‌ටේ්‍රලියානු පොලිසිය කටයුතු කර ඇත.

මිර්නා නිල්සන් 2016 දී ඝාතනය වන විට ඇය ‘ඇපල්’ අත් ඔරලෝසුවක්‌ පැළඳගෙන සිටියාය.

මිර්නාගේ ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ ලේලිය වන කැරොලයින් නිල්සන්ට චෝදනා එල්ල විය. නමුත් ඇය පවසා සිටියේ නිවසට ඇතුළු වූ පුරුෂයන් කණ්‌ඩායමක්‌ සිද්ධිය වන අවස්‌ථාවේ ඇයව බැඳ දමා තිබූ බවයි.

නමුත්, කැරොලයින් පවසා සිටියාට වඩා පැය කීපයකට පෙර මිර්නා නිවසට ඇතුළු වී ඇති අතර, සැඟවී සිට පහර දී ඇයව ඝාතනය කර ඇති බවට ‘ස්‌මාර්ට්‌’ අත් ඔරලෝසුවේ සටහන් වූ දත්තවලින් හෙළි විය.

පිරිසක්‌ මෝටර් රථයකින් නැන්දම්මා ලුහුබඳිමින් නිවස දක්‌වා පැමිණි බව කැරොලයින් පොලිසියට ප්‍රකාශ කර සිටියාය.

නැන්දම්මා සහ මෙම පිරිස අතර මිනිත්තු විස්‌සක පමණ කාලයක්‌ බහින්බස්‌ වීමක්‌ සිදු වූ අතර, එම අවස්‌ථාවේ දී කැරොලයින් නිවසේ මුළුතැන් ගෙට වී දොර වසා ගෙන සිටි නිසා පහර එල්ල කරන ශබ්දය ඇසී නැති බව කැරොලයින් පැවසූවා යෑයි ABC පුවත් වාර්තා කර තිබිණි.

රාත්‍රි දහයට පමණ කැරොලයින් ඉතා කලබලයට සහ දුකට පත්ව නිවසින් පිටතට එනු දුටු අසල්වැසියෙකු ඒ පිළිබද පොලීසියට දන්වා ඇත.

ප්‍රහාරකයන් තමන්ව බැඳ දමා තිබුණත්, ඔවුන් නිවසින් පිටත් වූ පසු බැමි ලිහා ගෙන පිටතට පැමිණි බව කැරොලයින් පවසා ඇත. නමුත් මිර්නාගේ ‘ස්‌මාර්ට්‌’ අත් ඔරලෝසුවේ සටහන් වී තිබුණ දත්ත අනුව කැරොලයින් අසත්‍ය ප්‍රකාශ ලබා දෙන බව ඔප්පු කළ හැකි යෑයි පැමිණිල්ලේ නීතිඥ කාමෙන් මැටේඕ පැවසුවාය.

2016 සැප්තැම්බර් මස, ඔස්‌ටේ්‍රලියාවේ වැලී වීව් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ රෙදි සෝදන කාමරයක තිබී පනස්‌හත් හැවිදිරි මිර්නාගේ සිරුර සොයා ගන්නා ලදී.

“ඇපල් ස්‌මාර්ට්‌ අත් ඔරලෝසුවෙන් ලබා ගත් සාක්‌ෂි මත පදනම්ව කැරොලයින් පොලිසියට දීලා තිබෙන ප්‍රකාශ අසත්‍යයි කියා ඔප්පු කරන්න පුළුවන්” යෑයි කාමෙන් පැවසුවාය.

“මේ වගේ ඔරලෝසුවකට පුළුවන්… එහි තිබෙන සංවේදක මඟින් පුද්ගලයෙකුගේ චලනය සහ එය පැළඳගෙන සිටින පුද්ගලයා චලනය වන වේගය ගැන දත්ත ගබඩා කර ගන්න… එයට හදවත ගැහෙන වේගයද මනින්න පුළුවන්” ඇය පැවසුවාය.

“මියගිය කාන්තාවට පහරදී ඇත්තේ සවස 6.38 ට පමණ. සවස 6.45 වෙද්දී ඇය අනිවාර්යයෙන්ම මිය ගිහින් තිබෙනවා යෑයි කාමෙන් පැවසුවාය.

“අධිකරණය මේ සාක්‌ෂිය පිළිගතහොත්, මියගිය කාන්තාව සහ පුරුෂයන් අතර නිවසේ රෙදි සෝදන කාමරයෙන් පිටත විනාඩි විස්‌සක කාලයක්‌ බහින්බස්‌ වීමක්‌ සිදු වූ බවට චූදිතයා ඉදිරිපත් කරන තර්ක බිඳ වැටෙනවා.”

“කැරොලයින් නිවසින් එළියට පැමිණ ඇත්තේ රාත්‍රී 10 ට පමණ. නමුත් ඇපල් අත් ඔරලෝසුවේ සටහන් වී ඇති දත්ත සාක්‌ෂි ලෙස පිළිගතහොත්, ඇය එළියට පැමිණ ඇත්තේ ප්‍රහාරය එල්ල කර පැය තුනකට පසුව බව ඔප්පු වෙනවා” කාමෙන් තවදුරටත් පැවසුවාය. “පැමිණිල්ලේ නඩුව ශක්‌තිමත් බව පෙනෙනවා” යෑයි සඳහන් කළ මහෙස්‌ත්‍රාත් ඔලිවර් කොඑන් කැරොලයින්ට ඇප දීම ප්‍රතිෂේප කර ඇත. ලබන ජූනි මස නැවත මෙම නඩුව විභාගයට ගැනීමට නියමිතය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top