ලෝකය

කාන්තාර ප්‍රෙද්ශවල ජලය නිපදවන අලුත් උපකරනය

ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී  පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත.

මෙම උපකරණය භාවිතයෙන් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වියළි කාන්තාර ප්‍රදේශයකදී ජලය ලබා ගැනීමට පර්යේෂකයින් කටයුතු කර තිබේ. ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි බව ඔවුහු පවසති.

සූර්යාලෝකය මඟින් මෙම උපකරණය බලගැන්වෙන අතර වාතයේ ඇති තෙතමනය ජලය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුවේ.

ලෝහ-කාබනික සැකැස්මේ කිලෝ ග්‍රෑමයකට ජලය ලීටර් 1 ත් 4 ත් අතර බැගින් නිපදවීමට මෙම උපකරණයට හැකි බව  පර්යේෂකයෝ සඳහන් කරති.

පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව මැසචුසෙට්ස් පර්යේෂකයෝ පවසති.

209

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top