ක්‍රිඩා

කුසල් ඇත්තටම IPL අතහැරියාද ?

ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට්‌ තරග තහනමක්‌ පැනවීම මත අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස්‌ කණ්‌ඩායමේ ස්‌ථානයද ඔහුට අහිමි විය. අදාළ හිස්‌තැන සඳහා ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා හොඳම අදේශකයා බව මාධ්‍ය වාර්තා කරද්දී ඔහු එම අයි.පී.එල්. ආරාධනාව ප්‍රතික්‌ෂේප කළ බවටද වාර්තා විය. නමුත් ඉකුත් සතිය වන විට කුසල් පෙරේරා සම්පූර්ණ සුවය ලබා නොතිබූ බව පැහැදිලි විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කුසල් පෙරේරාගෙන් කිසිදු අදහසක්‌ ප්‍රකාශ නොවුනද ඔහුගේ කළමණාකරුවා විසින් කියා තිබුණේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමට එක්‌වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් ක්‍රිකට්‌ තරගාවලියට සහභාගිවීමට අවශ්‍ය බැවින් කුසල් පෙරේරා අයි.පී.එල්. ආරාධනාව ඉවත දැමූ බවයි.

නමුත් වාර්තා වන පරිදි පළාත් සිව්දින තරගාවලියේදී පළමු තරගය ක්‍රීඩා කිරීමටද කුසල් පෙරේරාට නොහැකි විය. ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සියයට සියයක්‌ සුව නොවීම හේතුවෙනි. අයි.පී.එල්. ආරාධනාව කුසල්ට ලැබී ඇත්තේ මෙසේය.

අවශ්‍යතාවක්‌ වුණොත් කුසල් පෙරේරා තරග කරන්න සූදානම්ද යන්න අයි.පී.එල්. සංවිධායකයන් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලින් විමසා තිබේ. නමුත් කුසල්ගේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුගේ තත්ත්වය දන්වා තිබීමෙන් පසුව කුසල් පෙරේරාගේ බලාපොරොත්තු සන්රයිසස්‌ කළමණාකාරීත්වය අතහැර ඇත.

කුසල් සමග ඔවුන් තවත් ක්‍රීඩකයන් තිදෙනකුව ඩේවිඩ් වෝනර්ගේ ස්‌ථානයට තෝරාගෙන ඇති අතර එහිදී එංගලන්තයේ ඇලෙක්‌ස්‌ හේල්ස්‌ට අවස්‌ථාව හිමිවිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩයන් වන ඇන්ජලෝ මැතිව්ස්‌ටද ආබාධ හේතුවෙන් මෙවර අයි.පී.එල්. අහිමිවී තිබේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top