ලෝකය

ගස් විවාහ කරගන්නා ස්කොට්ලන්ත කාන්තාවන්

විවාහයක් සිද්ධ වෙන්න නම් මනාලියක් සහ මනාලයෙක් ඉන්න ඕනේ. අපි ඒ විදියට හිතාගෙන හිටියට ස්කොට්ලන්තයේ එහෙම නැහැ.

ස්කොට්ලන්තයේදී මනාලියක් ඉන්නවා නම් සහ ගසක් තියනවා නම් විවාහයක් සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මනාලිය විවාහ වෙන්නේ පිරිමි කෙනෙක් එක්ක නෙවෙයි ගහක් එක්ක. මේක ස්කොට්ලන්තයේ සාම්ප්‍රදායික සිරිතක්.

මේ විදියට ගැහැනු ළමයෙක් ගහක් බඳින්න හේතු වෙන්නේ ඇයට භූතාත්මවල බලපෑම තියනවා කියලා පුංචි කාලෙදී කිව්වොත් තමයි. සමහර භූතාත්ම ගැහැනු ළමයි උපදින වෙලාව අනුව ඔවුන් තුළට ඇතුළු වෙනවා.

ඊට පස්සේ ඇය වැඩිවියට පත් වුණාම විවාහ වෙන පුරුෂයා තුළට ඇතුළු වෙලා ඔහුව විනාශ කර දමනවා කියලා ස්කොට්ලන්ත වැසියන් විශ්වාස කරනවා. මේ නිසා ඒ වගේ භූතාත්මවල බලපෑම තියන ගැහැනු ළමයින්ට ඉස්සෙල්ලාම ගහක් බඳින්න සිද්ධ වෙනවා. ඒ විදියට භූතාත්මය රවට්ටලා භූතාත්මය ගස තුළට ඇතුළු කරවනවා.

ඊට මාස තුනකට පස්සේ ඒ ගැහැනු ළමයාට පුළුවන් තමන් කැමති ඕනෑම පිරිමි ළමයෙකු එක්ක විවාහ වෙන්න.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top