ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලයේ පරාජයට පත් වන විට වඩාත්ම අසාර්ථක වූ අංශය වුයේ පන්දු යැවීමේ අංශය වන අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් මෙන්ම දඟ පන්දු යවන්නන්ද තවමත් එක්දින තරඟ සඳහා ප්‍රමාණවත් දායකත්වයක් දක්වන ආකාරයක් අපට දක්නට ලැබුනේ නැත.
සීමිත පන්දුවාර ක්‍රිකට් තරඟවල ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයට එකතු වීමේ අරමුණින් මේ වන විට ක්‍රියාත්මක අන්තර් සමාජ එක්දින තරඟාවලියේ පන්දු යවන්නන් කිහිප දෙනෙකුම හොඳ දක්ෂතා දක්වන අකාරය දැකගත හැකි වූ අතර,ආබාද නිසා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කලක් ඈත්වී සිටි ධම්මික ප්‍රසාත් නැවත දේශීය එක්දින පිටියේ දක්ෂතා දක්වන ආකාරය දැකගත හැකි අතර පිතිකරුවෙකු ලෙසද අර්ධ ශතකයක් සමඟ දක්ෂතා පෙන්වූ දම්මික පසුගිය තරඟවල පන්දු යවන්නෙකු ලෙසද දක්ෂතා දක්වන අකාරය දැකගත හැකි විය.
දම්මික එලෙස එක්දින පිටියට පිවිසෙද්දී අන්තර්සමාජ එක්දින පිටියේ වැඩිම කඩුලුලාබියා බවට අවසාන කණ්ඩායම් හතරට තරඟාවලිය පැමිණෙන විට පත්වී සිටින්නේ සචිත්‍ර සේනානායකය.සේනානායක ඉනිම හයක් තුල කඩුලු 14ක් දවාගෙන තිබෙන්නේ කඩුල්ලක සාමාන්‍යය 11.35 ක් රඳවාගෙන වන අතර ඔහු පන්දු වාරයකට ලබා දී ඇති ලකුණු ප්‍රමාණය ලකුණු 3 කි.මෙලෙස සචිත්‍ර දක්ෂතා දැක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවනන්ටද හොඳ තර්ජනයකි.
අන්තර් සමාජ පිටියේ කඩුලුලාබීන් අතර දෙවන තැන පොලිස් කණ්ඩායම නියෝජනය කරන ප්‍රවීණ ක්‍රීඩකයෙකු වන මහේෂ් ප්‍රියදර්ශන දිනාගේන ඇති අතර දකුණත් මඳවේග පන්දු යවන්නෙකු ලෙස ඔහු කඩුලු 14ක් ඉනිම 5 කදී දවාගෙන තිබෙන්නේ කඩුල්ලකට ලකුණු 16ක පමණ සාමාන්‍යයක් සහ පන්දු වාරයකට 5.5 ක ලකුණු ප්‍රමාණයක් ලබා දෙමිනි.
පන්දු යවන්නන් අතර අංක තුන දිනාගෙන ඇත්තේ දක්ෂ තරුණ වේගපන්දු යවන්නකු ලෙස සීග්‍ර දියුණුවක් පසුගිය කාලයේ පෙන්වා ඇති අසිත ප්‍රනාන්දු වන අතර ඔහු තරඟ 5ක් තුල කඩුලු 11 ක් දවාගෙන තිබෙන්නේ කඩුල්ලකට ලකුණු 10.63ක සාමාන්‍යයක් සහ පන්දු වාරයකට ලකුණු 3.71 ක් පමණක් ලබා දෙමිනි.
පළමු පන්දු යවන්නන් 5 අතර සිටින අනෙක් පන්දු යවන්නන් දෙදෙනා වන්නේ සහන් නානායක්කාර සහ ඉශාන් ජයරත්න වන අතර ඉශාන් මද වේගපන්දු යවන්නෙක්ද සහන් වමත් පා දඟ පන්දු යවන්නෙක් ද වෙයි.
පළමු පන්දු යවන්නන් 10 දෙනා අතර සිටින අනෙක් පන්දු යවන්නන් වන්නේ විනෝද් පෙරේරා.චතුරංග ද සිල්වා,ශෝහාන් රංගික,මලිත් ද සිල්වා සහ චතුර රන්දුණුය.