ක්‍රිඩා

අනාගතයේ ලොව බිහිවන ප්‍රභලම කණ්ඩායම ලංකාව – බ්‍රෙට්ලි

ශ්‍රී ලංකාව තුල සංවිධානය වූ සුපිරිතම තරගාවලියක් ලෙස නිමා වූ නිදහස් කුසලාන තරගාවලිය හැදින්විය හැකිය.තරගයෙන් තරගයට තරගාවලිය උණුසුම වැඩි වුයේ ප්‍රේක්ෂකයන් පවා කුතුහලයට ලක් කරමිනි.

නිමා වූ මෙම තරගාවලිය සහ කණ්ඩායම් පිලිබදව මෙන්ම ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබදවද නොයෙකුත් දෙනා මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණි.මෙම තරගාවලිය විස්තර විචාරකයෙකු ලෙස සහභාගී වීම සදහා ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී හට අවස්ථාව හිමිව තිබුණි.

තරගාවලිය නිමාවීමෙන් පසුව තරගාවලියේ සිදුවූ සිදුවීම් පිලිබදව බ්‍රෙට් ලී විසින් විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කර තිබුණි.

ඔහු කියා සිටියේ මෙම තරගාවලිය ඉතාමත්ම තියුණු මුහුණුවරක් මෙන්ම ඉතාම අලංකාර තරගාවලියක් වූ බවය.ක්‍රීඩකයින්ට පමණක් නොවේ ප්‍රේක්‍ෂකයන්ට පවා තරගාවලියේ අවසාන පන්දුව තෙක්ම කුතුහලය ගෙනදුන් තරගාවලියක් බව ඔහු පෙන්වා දී ඇත.

කණ්ඩායම් පිළිබදවද බ්‍රෙට් ලි විසින් අදහස් පල කිරිමේදී ශ්‍රී ලංකාව පිළිබද මෙවැනි අදහසක් ඔහු පල කර තිබුනේය.“නුදුරුරේදීම ශ්‍රී ලංකාව ලෝකය තුල ප්‍රභලම කණ්ඩායමක් වෙනවා.මම එහෙම කියන්නේ අත්දැකීම් බහුල කිසිම ක්‍රීඩකයෙක් නැතුව අවුරුද්දක් තිස්සේ ඔවුන් ගොඩ නැගුනා.ඇත්තටම ඔවුන් අවුරුද්දක් ඇතුලත ලොකු ගමණක් ඇවිත් තියෙනවා.විශේෂම දේ තමයි මේ හැදෙන්නේ තරුණ කණ්ඩායමක්.ඉදිරියට මේ තරුණයින් භයානක කණ්ඩායමක් වෙනවා නොඅනුමානය”

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top