ලෝකය

අපි වැරදි කලා.අපිට සමාවෙන්න – මාර්ක් සකර්බර්ක්

මිලියන 50 පරිශීලකයන්ගේ දත්ත හැසිරවීමේදී කරන ලද අතපසුවීම් හා වැරුදි සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සම නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් බදාදා (21) සමාව ඉල්ලීය.

එමෙන්ම ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත ආරක්ෂා කිරීමේදී සහ මෘදුකාංග සංවර්ධනය කරන්නන් අදාළ දත්තවලට ප්‍රවේශ සීමා කිරීම සඳහා දැඩි පියවර ගන්නා බව ද හෙතෙම පොරොන්දු විය.

ලන්ඩනය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘කේම්බිජ් ඇනලිටිකා’ සමාගම අනවසරයෙන් ෆේස්බුක් පරිශීලකයන් මිලියන 50කගේ දත්තවලට ප්‍රවේශ වූ බව අනාවරණය වීමත් සමඟ ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට ඇමෙරිකා එක්සත් ජනපද හා යුරෝපා සංගම්වල රටවලින් මෙන්ම මහජනතාවගෙන් ද දැඩි විරෝධයක් හා විවේචනයක් එල්ල විය.

කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අනවසරයෙන් දත්තවලට ප්‍රවේශ වෙමින්, ෆේස්බුක් පරිශීලකයන්ගේ ගිණුම් භාවිත කරමින් නව ගිණුම් සකසා ඇති අතර ඒ ඔස්සේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට සහයෝගය දක්වා ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ.

“මෙය ප්‍රධාන පෙළේ විශ්වාසය කඩ කිරීමක්. මම ඇත්තටම කනගාටුව වෙනවා සිදු වූ දෙය ගැන. මම ඒ ගැන සමාව ඉල්ලනවා. මිනිස්සුන්ගේ දත්ත ආරක්ෂා කිරීමට අපිට මූලික වගකීමක් තිබෙනවා” යැයි දින කිහිපයක නිහඬ පිළිවෙතකින් පසු සී.එන්.එන් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මාර්ක් සකර්බර්ග් පැවැසීය.

එමෙන්ම තම ෆේස්බුක් ගිණුමේ පණිවුඩයක් තබමින් තම සමාගම වැරැදි කළ බව සඳහන් කළේය. “ අපි වැරැදි කළා. අපි මේ වැරැදි නිවැරැදි කළ ගත යුතුයි. අපි තවත් බොහෝ දේවල් කරන්න ඕනේ. අපි ඉදිරියට යන්න ඕනේ. අපි මේ වැරදි හදාගෙන ඉදිරියට යනවා” එහි සඳහන්ව තිබිණි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top