ලෝකය

ශබ්දයේ වේගය මෙන් පස් ගුනයක වේගයක් ඇති චීන ගුවන් යානා ලගදීම

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් ගමන් කළහැකි ගුවන් යානයක සැළසුමක් චීන පර්යේෂකයන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

යම් දිනෙක ‘බෙයිජිං’ සිට ‘නිව්යෝර්ක්’ දක්වා පැය කීපයකින් ලඟා වියහැකි යෝධ පියවරක් ලෙස ඔවුහු එය හඳුන්වති.

එම ගමනාන්ත සඳහා සාමාන්‍ය මගී යානාවලට දැනට පැය 14 ක් ගතවන අතර, මෙම නව නිපැයුම එයට වඩා පහසු සහ වේගවත් වීම නිසැකය.

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් ගමන් ගතහැකි යානා පිළිබඳ පර්යේෂණ කලෙක සිට ලොව විවිධ රටවල සිදුකෙරෙමින් පවතී. නමුත්, පර්යේෂණ සඳහා වැඩි මුදලක් ලැබීමත් එයින් ලබන්නාවූ ආර්ථික වාසි සම්බන්ධයෙන් පීඩනයක් නොමැතිවීමත් හේතුවෙන් මෙම පර්යේෂණ වැඩි වශයෙන් නැඹුරුවූයේ යුද ගුවන්යානා නිපදවීමට අදාළවය.

පැය දෙකකින් ශාන්තිකර සයුර හරහා මගීන් රැගෙන යාහැකිද?

අධික වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානයක වේගය මැනීමට යොදාගන්නා මිනුම් ලකුණ වන්නේ ‘ශබ්දයේ වේගයයි’. මාක් 1 ක් ලෙස හඳුන්වනු එය, පැයට කිලෝ මීටර් 1235 ක වේගයකි. ඒ අනුව ගුවන් යානා මූලිකව වර්ග තුනකට බෙදෙයි.

ශබ්දයේ වේගයට අඩු (Subsonic) – දැනට ඇති මගී ගුවන් යානා මෙම ගණයට අයත්ය.

ශබ්දයේ වේගයට වැඩි එහෙත් මාක් 1 සිට 5 දක්වා වූ, නැතිනම් ශබ්දයේ වේගය මෙන් පස්ගුණයක් දක්වා වූ (Supersonic) යානා.

චීන පර්යේෂකයන්ගේ අරමුණ වන්නේ ශබදයේ වේගය මෙන් පස් ගුණයක් ඉක්මවූ හයිපසොනික් (Hypersonic) යාත්‍රා නිපදවීමය.

විද්‍යාඥයන් කණ්ඩායමක් , චීන විද්‍යා ඇකඩමියත් සමඟ තමන්ට මුහුණ දීමට සිදුවන වඩාත් සංකීර්ණ අභියෝග දෙකක් වූ වායු ප්‍රතිරෝධය සහ ඊට අවශ්‍ය විශේෂිත එන්ජිමක් පිළිබඳව පර්යේෂණ කරමින් සිටිති.

‘හයිපසොනික්’ ගුවන් යානා අවම වායු ප්‍රතිරෝධයෙන් යුතුව නිර්මාණය කළයුතුව ඇත. වේගය වැඩිවත් ම ප්‍රතිරෝධය ඉහළ යාම වායු ප්‍රතිරෝධයේ ස්වභාවය වෙයි.

“ඒක ප්‍රවේගයේ වර්ගය වශයෙන් බලපානවා, ඔබ ප්‍රවේගය දෙගුණයකින් වැඩිකරන්නේ නම් ඔබ සිව් ගුණයකින් ප්‍රතිරෝධය වැඩිකර ගන්නවා.” යනුවෙන් මෙල්බෝර්න් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිකලස් හචින්ස් (Nicholas Hutchins) විස්තර කරයි.

චීනයේ යෝජිත නව සැළසුම් නිර්මාණය අනුව, සාමාන්‍ය පියාපත් වලට උඩින් තවත් පියාපත් යුගලක් ප්‍රතිරෝධය අවම කිරීම සඳහා දීමට යෝජනා වී ඇති අතර, එය ද්විත්ව ගුවන් යානයකට තරමක් දුරට සමාන වෙයි.

චීන පර්යේෂකයන් මේ මොහොත වනවිට, කුඩා පරිමාණයේ ආකෘතියක් සුළං බලය යෙදවූ දෝනාවක පමණක් පරීක්ෂණයට ලක්කර ඇත.

ඒ අනුව, ව්‍යාපෘතිය සැබෑවක් බවට පත්වීමට තවත් බොහෝ කලක් ගතවනු ඇත.

(BBC)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top