ලෝකය

දරු ගැබැක් දරාගෙන මීටර 800 තරග කරන ඇලිසියා

” මගේ ඡිවන දර්ශනය නිර්භයත්වය සහ ධ්‍යෛර්යයි ”
ඇලිසීයා මොන්ටානෝ
ALYSIA MONTANO, USA

තුන් මසක දරු ගැබක් දරාගෙන එක්සත් ඡනපද මීටර් 800 කාන්තා ඔලිම්පික් සුදුසුකම සදහා තරග වැදුණු මේ විශ්මිත ගැහැණිය සත්තකින්ම නිර්භයත්වයේ සහ ශක්තියේ සංකේතයකි. ඇය එසේ තරග වැදුනේ එක්සත් ඡනපද මීටර් 800 ඡාතික ශූරතාවය සදහා Hornet Stadium හිදී 2017 ඡුනි 22 දාය. මේ ඇය දරු ගැබක් දරා තරග වැදුණු ප්‍රථම අවස්ථාව නොවීමද විශේෂත්වයකි. 2014 ද ඇය සිය මාස 06 ක් වන පළමු දරුවා කුසෙහි දරා‍ මීටර් 800 ඡාතික ශුරතාවය සදහා තරග වැදුනාය.

ඇමෙරිකා එක්සත් ඡනපදයේ මීටර් 800 කාන්තා ඡාතික ශුරතාවය ඇගේ නම ඉදිරියේ පස් වතාවක් සටහන් වී තිබිණ. ඒ වර්ෂ 2007 සිට 2015 තෙක්ය. ඡාත්‍යණ්තර රන් කුසලාන දෙකක් සහ රීදී කුසලාන ත්‍රිත්වයක් අතැති ඇය 2012 පැවති ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කමටද හිමිකම් කියන්නීය. එය ඇයට ලැබුනේ එම තරගයේදී ප්‍රථම ස්ථානය සහ තෙවැනි ස්ථානය දිනාගත් රුසියානු ක්‍රීඩිකාවන් දෙපල තහනම් උත්තේඡක භාවිතාවෙන් ඔවුනගේ පදක්කම් අහිමිකරගැනීම හේතුවෙනි.

ඇලිසියා මොන්ටිනෝ තරග වදින විට හැම විටම ඇය ඇගේ හිසකේ අතර මලක් පැළද සිටී. ඒ ඇයි කියා වාර්තාකරුවෙක් ඇසූ විට ඇලිසියා උත්තර දී තිබෙන්නේ මෙලෙසය.

”ඒ මලෙන් මම සංකේතවත් කරන්නෙ ස්ත්‍රීත්වය. ඒ මල පැලදි කෙනා සංකේතවත් කරන්නෙ ස්ත්‍රියට ඇති ශක්තිය. ඒ වගේම අද මම ඒකෙන් නියෝඡනය කරනවා මුලු ලෝකයේම සමස්ත කාන්තාවන්, ලෝකය පුරා විසිරී ඉන්න කලු ගැහැණුන් හා සමස්ත ගර්භනී මාතාවන් සහ ඔවුනට ඇති ශක්තිය. මම හිතනවා ඒක මගේ වගකීමක් ”

=============================================

උපුටාගෙනිම – Rohana wijeweera ගෙන්

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top