News

රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා රෝගින්ටත් බිලක්

ඉදිරියේදී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා බිලක් නිකුත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අනුරාධපුර මහා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සහ හදිසි අනතුරු වාට්ටුවට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රජය සෞඛ්‍ය සේවය සදහා කෙතරම් වියදමක් සිදු කළත් ජනතාවට ඒ සදහා වැයවන මුදල් ප්‍රමාණය ගැන හැගීමක් නොමැති නිසා මේ ආකාරයට ජනතාව දැනුවත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

කෙසේ නමුත් ඉදිරියේදී සෞඛ්‍ය සේවය පෞද්ගලිකරණය කිරීමට කිසිදු අදහසක්ද නැතැයි අමාත්‍යවරයා සදහන් කළේය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top