News

හදිසි නීතිය නැවත වරක් දීර්ඝ වෙයි

අද දිනෙන් අවසන් වීමට තිබූ හදිසි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා දිවයිනේ නොමැති කම හේතු වී ඇති බව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසනවා.

පසුගිය සතියේ රටේ ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට ඉකුත් 6දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර, එය අවලංගු කිරීමද ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා.

මේ වන විට ජනාධිපතිවරයා ජපාන නිල සංචාරයක නිරත වන බැවින් එම ගැසට් නිවේදනය ශ්‍රී ලංකාවේ වේලාවෙන් මෙරට ගැසට් නිවේදනයකින් මෙරටදී අත්සන් කිරීම හේතුවෙන් අවලංගු කිරීම සඳහා වන ගැසට් නිවේදනය ද මෙරටදී කළ යුතු බවයි ඔස්ටින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top