News

facebook තහනම ඉවත්වන දිනය සිකුරාදා දක්වා කල් යයි

පසුගියදා මහනුවර ඇතිවූ සිද්ධියත් සමග ශ්‍රී ලංකාව පුරාවට ෆේස්බුක් හා වට්සැප් වයිබර් තහනමක් පැනවූ අතර දැනට දින 7ක් ගතවුවත් තවම එය ක්‍රියාත්මක වී පවතී. මේ සම්බන්දව දිගටම සමාජ මාධ්‍ය හරහා විරෝධය එල්ල වුවත් රජය විසින් තවමත් මෙයට නිසි විසඳුම් ලබා නොදුන්නේ ෆේස්බුක් ආයතනයෙන් වත්මන් රජය කල ඉල්ලීම් වලට නිසි පිළිතුරු නොලැබීම හේතුවෙනි.

කෙසේ නමුත් ෆේස්බුක් ආයතනයේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙක් එළඹෙන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පැමිණීමට නියමිතව සිටින අතර, එහිදී ඔවුන් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් හමුවීමට නියමිතව ඇත. ඒ අනුව සිකුරාදා සිට නැවත ෆේස්බුක් සාමාන්‍ය පරිදි භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇති බව හරින් ප්‍රනාන්දු අමාතවරයා පවසා සිටියහ.

මේ සම්බන්ධයෙන් BBC සිංහල වෙබ් අඩවියේ කතෘ විසින් පල කර තිබුණු ට්විටර් පනිව්දුය පහතින්,

 

උපුටා ගැනීම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top