News

වයිබර් පමණක් අද රෑ සිට

අද රාත්‍රී සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා කියයි.

නුවර ඇති වූ කළහකාරී සිදුවීම් සමඟ වට්ස්අප්, ෆේස්බුක්, වයිබර් ඇතුළු සමාජ ජාලා වෙත පිවිසීමේ අවස්ථාව ඇහිරීමට රජය පියවර ගෙන තිබිණි.

නැවත සමාජ ජාල වෙත පිවිසීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ මූලික පියවරක් ලෙස අද (13) රාත්‍රියේ සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

රජය සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර පවත්වාගෙන ගිය කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ කර්මාන්තකරුවෝ රැසක් අපහසුතාවට පත්වූහ.

ගෙවුණු දින කිහිපයේ සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් මේ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.

නාලක ගුණවර්ධන, සංජන හත්තොටුව වැනි සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දී තිබුණේ සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය ගත් තීරණය වැරදි බවයි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top