News

ඇදිරි නීතිය සවස 6 සිට නැවතත්

මහනුවර දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය මීට සුළු මොහොතකට පෙර ඉවත් කරනු ලැබුවා

මහනුවර දිස්ත්‍රික්කය සඳහා අද (09) පස්වරු 4.00 දක්වා පනවා තිබූ ඇඳිරිනීතිය පෙරවරු 10.00 සිට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කොට තිබේ.

එයට හේතුව ඇදිරි නීතිය නිසා ජනතාව අහාර කෑම බීම හිග තාවයකට මුහුණ දී සිටීමයි.ඒවා එක් රැස් කර ගැනීමට මෙම කාලය වෙන්කර තිබෙනවා.

ඒ 2018 මාර්තු 06 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද 2018 අංක 01 දරණ හදිසි අවස්ථා (විවිධ විධිවිධාන සහ බල තල) රෙගුලාසි ප්‍රකාර ඔහු සතු බලය උපයෝගී කරගනිමිනි.

මේ අතර ජනාධිපතිවරයාගේ නියමයෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව තරකොට ඇති බව ආරක්ෂන අංශ ආරංචිමාර්ග කියයි.

අද පෙරවරු 10ට ඉවත් කරන ලද ඇදිරිනීතිය නැවත සවස 6.00 පනවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top