News

ඇදිරි නීතිය අවසන්

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා අද සවස හතර වන තෙක් පනවා ඇති ඇඳිරිනීතිය උදෑසන 10ට ඉවත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

හදිසි නීති රෙගුලාසි අනුව පොලිස්පතිවරයා විසින් ඊයේ සවස 4ට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ පැය 24ක් සඳහා ක්‍රියාත්මක වන පරිදිය.

සාමය හා සංහිඳියාවට බාදා ඇති නොවන්නේ නම් හැකි ඉක්මණින් ඇඳිරිනීතිය ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ පැවසීය. ඒ අනුව පවතින සාමකාමී තත්ත්වය සැලකිල්ලට ගෙන මහනුවරට ඇඳිරිනීතිය ඉවත් කිරීමට තීරණය කළ බවත්, අවශ්‍ය වුවහොත් යළිත් ඇඳිරිනීතිය පනවන බවත් පොලිස් මූලස්ථානය පවසයි.

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top