ලෝකය

ඉතාලි අගමැති අපේක්ෂකයාට නිරුවත පෙන්වා විරෝධය පල කරලා

ඉතාලි මහ මැතිවරණය ඊයේ (4) ආරම්භ වුණු අතර, යළිත් අගමැති ධුරය අපේකෂාවෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින ආන්දෝලනාත්මක හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනී ද මාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන් පිරිවරාගෙන සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ගියේය.

බර්ලුස්කෝනී ඡන්ද පත්‍රිකාව ඡන්ද පෙට්ටියට දැමීමට යද්දී, පිරිස අතරේ සිටි විරෝධතාකාරියක ඡන්ද පෙට්ටිය මතට නැග ඇද සිටි ටීෂර්ටය ගලවා දමා බර්ලුස්කෝනීට විරෝධය පෑවාය.

‘බර්ලුස්කෝනී දැන් යල් පැනලා’ යනුවෙන් ඇගේ සිරුරේ ලියා තිබුණි.

බර්ලුස්කෝනී වහා අනෙක් පැත්ත හැරී එතැනින් යද්දී, ආරක්ෂක අංශ නිලධාරීන් සහ ඡන්ද පොළේ සිටි මැතිවරණ නිලධාරීන් තරුණිය අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

(ඬේලිමේල් ඇසුරිනි)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top