ලෝකය

ලොව උසම හෝටලයේ වාර්තාවත් ඩුබායි රාජ්‍යට

ලොව උසම ගොඩනැගිල්ල ඉදිකල ඩුබායි රාජ්‍යය ලොව උසම හෝටලයද ගොඩනගා විවෘත කර තිබේ.

මෙම හෝටලය තරු 4 හෝටලයක් ලෙස නම් කර ඇත.මෙලෙස නිර්මාණය කර නව හෝටලය උසින් මීටර 356ක් බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

එම හෝටලය නම් කර ඇත්තේ ගෙවෝරා ලෙස වන අතර මෙය නිර්මාණය කිරීම සඳහා වසර 4කට ආසන්න කාලයක් ගතවී තිබේ.

මෙම නව හෝටලයත් සමඟ ලොව උසින් වැඩිම හෝටලයට මීට පෙර හිමිකම් කියූ මීටර 355කින් සමන්විත JW මැරියට් හෝටලය දෙවන ස්ථානයට පත්ව තිබේ.

එම හොටලයද පිහිටා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ වීම විශේෂත්වයකි.

පසුගියදා විවෘත කල මෙම නව හෝටලය තුල කාමර 528ක් ඇති බව වාර්තා වේ.

ගාඩියන් ඇසුරෙනි

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top