ලෝකය

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බානබි ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ ඔහුට විරුද්ධව විනය විරෝධි ලෙස හැසිරීමේ චෝදනා එල්ලවීමත් සමග බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර ඇත.

හිටපු මාධ්‍ය උපදේශිකාව සමඟ නියෝජ්‍ය අගමැතිවරයා ලිංගික සම්බන්ධතාවයක් පවත්වා ඇති බව තහවුරු වී ඇතැයි සදහන් ය.

මෙම සිදුවීමෙන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඕස්ට්‍රේලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් විසින් සිය ඇමතිවරුන්ට අනතුරු අඟවා ඇත්තේ මෙවැනි සිදුවීම් මින් ඉදිරියට නොවිය යුතු බවටය.

එහිදී අගමැතිවරයා සඳහන් කර ඇත්තේ අමාත්‍යවරුන්ට විශේෂ ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන බවයි.

මේ අතර නියෝජ්‍ය අගමැතිවරයා ලබන සඳුදා සිය ධුරයෙන් ඉවත් වන බවට සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

උපුටාගැනීම දිනමිණ

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top