News

ගෝඨාභය රාජපක්ෂ යලි මව්බිමට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12 වැනිදා) උදෑසන  ශ්‍රී ලංකාවට පැමිණියේය. උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා “ජනතාව රවටාගෙන හැමදාම ඉන්න බෑ“ යයි කියා සිටියේය.

“අපගේ උත්තරීතර මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කිරීම ස ඳහා ඔබ සැම එකා මෙන් කැපවීමෙන් යුතුව සියලු බාධක අභිබවා මෙම ජයග්‍රහණය උදෙසා දැක්වූ සහයෝගයට සියලු ශ්‍රී ලාංකිකයන්ට මාගේ ප්‍රණාමය පුද කරමි“ යයි පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ පණිවුඩයක් තබා තිබිණ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top