ක්‍රිඩා

බංගලාදේශයට අන්ත පරාජයක් ලංකාව කිරුල හිමිකරගනියි

කාසිය වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායම ප්‍රතමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර පලමු කඩුල්ල ලෙස දනුෂ්ක ගුණතිලක දැවී යාමත් සමග පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් එක් ඕවරයකදි 6 පහරවල් තුනක් එල්ල කල අතර මොට්ටාසාගෙ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස දැවී ගියේ ලකුණු 28 යි.ඉන්පසු පිටියට එක් වුණු දික්වැල්ල සහ තරංග ශ්‍රි ලංකා ඉනිම ගොඩ නැගුවා.

තුන්වන කඩුල්ල ලෙස ලකුණු 42 ට දික්වැල්ල දැවී යාමත් සමගම ශ්‍රි ලංකා ඉනිම මන්දගාමි වු අතර ඒ සමගම ලකුණු 56 ක් ලබා සිටි උපුල් තරංගද දැවී ගියා.සෙමින් ගොඩ නැගුණු ශ්‍රි ලංකා ලකුණු පුවරුව ඕවර 50 අවසාන වන විට සියලු දෙනාම දැවී ලකුණු 221 ක් ලෙස සටහන් වුණා.

ඉන්පසු ලකුණු 222 ජයග්‍රාහි ඉලක්කය කරා බංගලාදේශය ඉනිම ආරම්භ කලේ ෂකිබ් අල් හසන් නොමැතිවය.ඊට හේතු වුයේ පන්දු රැකීමේ ඔහුගෙ සුලගිල්ල ආබාධයට ලක් වීමය.කෙසේ වෙතත් බංගලාදේශයට සාර්තක වීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැ.මුෂ්පික් රහීම් ගේ දැවී යාමත් සමග බංගලාදේශ ඉනිම සෙමෙන් සිය ඉලක්කය වෙත ගමන් කලද බංගලාදේශ කිසිදු පිතිකරුවෙකුට සාර්තක වීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැ.ඒ අනුව ඔවුන් පන්දු ඕවර 42 කදී ලකුණු 142 ට කඩුළු 9 ක් ලෙස සටහන් වුණා.

බංගලාදේශය වෙනුවෙන් මහමුදුල්ලා ලකුණු 76 ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 79 ක විශිෂ්ට ජයග්‍රහනයක් හිමි වුණා.

අද දිනයේ එක්දින වරම් දිනාගත් හතුරුසිංහගේ සොයාගැනීම වූ ෂෙහාන් මදුසංක තම මංගල තරගයේදීම හැට්‍රික් එකක් ලබා ගැනීමට සමත් වුණා.ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායම තුන්කොන් තරගාවලියේ ශුරතාවයද දිනාගනු ලැබුවා.

තරගාවලියේ වීරයා බවට පත් වූයේ තුන් ඉරියව්වෙන්ම තරගාවලිය පුරාම දක්ෂතා පෙන් වූ තිසර පෙරේරායි.

එක දිගට අසාර්තක වූ ශ්‍රි ලංකා කණ්ඩායම පෙර තිබු රිද්මයට පැමිණෙමින් තිබෙනවා එය සියලු ප්‍රේක්ෂකයන්ගේ සතුටට හේතුවක් වන බව නොඅනු මානයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top