ක්‍රිඩා

IPL ලංසුවට ශ්‍රි ලංකා ක්‍රිඩකයන් 18 ක්

11 වැනි අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ කණ්‌ඩායම් සඳහා ක්‍රීඩකයන් මිලදී ගැනීමේ ලංසු කැඳවීම ලබන 27 සහ 28 වැනිදා බෙංගාලයේදී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18 දෙනකු ඉදිරිපත් කර තිබේ.

වසර 10 ක්‌ පුරා මුම්බායි ඉන්දියන්ස්‌ කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ ලසිත් මාලිංගව පළමු වරට ලංසුව සඳහා ඉදිරිපත් කර ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටියක මුදලකටය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් වැඩිම වටිනාකමක්‌ ලබාදී ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්‌ට වන අතර ඔහුට ඉන්දියානු රුපියල් කෝටි දෙකක වටිනාකමක්‌ ලබාදී තිබේ.

කණ්‌ඩායම් අටක්‌ සඳහා ක්‍රීඩකයන් 1122 ක්‌ ලංසු ඇදීම සඳහා නම් කර තිබුණද ඒ අතරින් ලංසුව සඳහා ඉදිරිපත් කර ඇත්තේ ක්‍රීඩකයන් 578 ක්‌ පමණි. ඒ අතරින් ඉන්දියානු ක්‍රීඩකයන් 360 ක්‌ වන අතර අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය දරන (ටෙස්‌ට්‌ වරම් හිමි) රටවල් වලින් ක්‍රීඩකයන්ට අමතරව අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය නොලද රටවලින්ද ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙවර ලංසුවට ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.

ඔස්‌ටේ්‍රලියාවෙන් ක්‍රීඩකයන් 58 ක්‌ සහ දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයන් 57 ක්‌ ලංසුවට ඉදිරිපත් කර ඇත. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 21 ක්‌ එංගලන්ත ක්‍රීඩකයන් 23 ක්‌ද 2018 අයි.පී.එල්. ලංසුවට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවෙන් ලංසුව සඳහා ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයන් අතරින් ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ලසිත් මාලිංග හැරුණු කොට අනෙකුත් ක්‍රීඩකයන් 16 දෙනාටම ඉන්දියානු රුපියල් ලක්‍ෂ පනහක වටිනාකමක්‌ ලබාදී තිබේ. අයි.පී.එල්. තරගාවලිය ලබන අප්‍රේල් මස 7 වැනිදා ආරම්භ වන අතර ලංසු සඳහා ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයන් 578 ක්‌ අතුරින් මිලදී ගනු ලබන්නේ ක්‍රීඩකයන් 182 ක්‌ බව විදෙස්‌ වාර්තා සඳහන් කර සිටියි.

අයි.පී.එල්. ලංසුව සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

ඇන්ජලෝ මැතිව්ස්‌, ලසිත් මාලිංග, නිරෝෂන් දික්‌වැල්ල, කුසල් පෙරේරා, අකිල ධනංජය, ලක්‍ෂාන් සඳකැන්, සචිත්‍ර සේනානායක, උපුල් තරංග, අසේල ගුණරත්න, තිසර පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, සීක්‌කුගේ ප්‍රසන්න, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, නුවන් කුලසේකර, සුරංග ලක්‌මාල්, ධනංජය ද සිල්වා සහ ඉසුරු උදාන

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top