ලෝකය

ලොව භයානකම කාය වර්ධන ශූරිය නැවතත් ක්‍රිඩාවට

ලොව භයානකම කාන්තා කාය වර්ධන ශූරිය ලෙස හැඳින්වෙන 26 හැවිරිදි රුසියානු ජාතික නතාලියා කැස්නෙට්සෝවා මාස 18කට පසු නැවත ක්‍රීඩාවට අවතීර්ණය වන බව සඳහන් කොට තිබෙනවා. මේ වනවිට බෙන්ච් ප්‍රෙස් සහ ඩෙඩ්ලිෆ්ට් අංශවල ලෝක ශූරිය වන්නේද නතාලියායි.

මීට මාස 18ක පෙර ක්‍රීඩාවෙන් සමුගත්තත් තමන්ට තවදුරටත් ක්‍රීඩා වළල්ලෙන් බැහැරව සිටීමට නොහැකි බව පවසමින් ඇය නැවතත් මොස්කව් නගරයෙන් තරග බිමට පිවිසීමට සූදානම් වෙනවා.

“බොහෝ දෙනකුට මාව හොඳින් මතක තියෙනවා. ඔවුන් මා දුටු ගමන් මාත් එක්ක ඡායාරූපයකට පෙනී ඉන්න ඉල්ලා සිටිනවා. මේ ජනප්‍රියත්වය මට ලැබුණේ ක්‍රීඩාවෙන්. ඒ හින්දා මට ක්‍රීඩාවෙන් අෑත්වෙලා ඉන්න හිත දෙන්නෙ නැහැ” ඇය පවසනවා.

නතාලියා කායවර්ධන ක්‍රීඩාවට යොමු වූයේ ඇයට වයස අවුරුදු 14දී. එවිට ඇගේ බර කිලෝ ග්‍රෑම් 40ක්වත් නැහැ. මේ වනවිට ඇගේ බර කිලෝ ග්‍රෑම් 90ක්. දිනකට පැය කීපයක් පුහුණුවීම්වල යෙදෙන ඇය ප්‍රෝටීන් බහුල තම ආහාර වේලට කුළු බඩු, ලුණු හෝ සෝස් වෙනුවට ඉස ගන්නේද ප්‍රෝටීන් කුඩුයි. ඉන්ස්ටර්ග්‍රෑමයේ ජනප්‍රිය චරිතයක් වන ඇයට අනුගාමිකයන් 1,94,000කට අධික සංඛ්‍යාවක් සිටිනවා. තමන්ට විවිධ විවේචන සහ හිත රිදෙන ඇනුම් පද එල්ල වුණත් තමන් ඒ කිසිදෙයක් නොතකා තම ක්‍රීඩා ජීවිතයේ ඉදිරියට යන බව ඇය සඳහන් කරනවා.

රුසියාවේ ඇමසන් යෝධි ලෙස හඳුන්වන නතාලියා මේ වනවිට කාය වර්ධන පුහුණුකාරියක ලෙස කටයුතු කරනවා. ඇය විවාහ වී සිටින්නේ රුසියානු පාපන්දු ක්‍රීඩකයකු වන ව්ලැඩිස්ලැව් කුස්නෙට්සොව් සමඟිනුයි.

උපුටා ගැනීම මව්බිම

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top