ලෝකය

ලොව පස්වෙනි විශාලතම දියමන්තිය හමුවෙයි

ලොව පස්වැනි විශාලතම දියමන්තිය යැයි සැලකිය හැකි දියමන්තියක් ලෙසතෝ රාජ්‍යයේ පතලකින් සොයාගනු ලැබ තිබේ.මෙම දියමන්තියේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 40ක් ලෙස දැනටමත් ඇස්තමේන්තු කර තිබෙන අතර සොයාගනු ලැබ තිබෙන මෙම දියමන්තිය ඉතාම ඉහළ ගුණාත්මක භාවයකින් සමන්විත යැයි ද පැවසේ.මෙම දියමන්තිය යූරෝ මිලියන 33ක් එසෙත් නැතිනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 40කට ආසන්න යැයි පතල් විශ්ලේෂකයකු වන බෙන් ඞ්විස් පවසයි.

“කෙසේ නමුත් මෙම ඉතාම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු මෙම දියමන්තිය මෙතෙක් හමු වූ විශාලතම දියමන්තියයි.මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ජෙම් ඩයමන්ඞ්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්ලිෆර්ඞ් එල්ෆික් පැවසීය. ජෙම් ඩයමන්ඞ්ස් සමාගමට අයත් ලෙට්ස්එන්ජ් පතලේ කැණීම් කටයුතුවලදී මෙම දියමන්තිය සොයාගැනීමට සමත්ව තිබේ.

ඒ.එෆ්.පී

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top