News

බැදුම්කර නඩු දාන්න විශේෂඥ කණ්ඩායමක්

බැඳුම්කර වංචාවට සම්බන්ධිත පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාව පිලිබඳව අධ්‍යනය කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

නීතී විශාරදයින් මෙන්ම අල්ලස් නීතීය පිළිබඳව විශේඥ දැනුමක් ඇති විශේඥ කණ්ඩායමක් විසින් බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ වාර්තාවේ පිටපතක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා පිළිබඳ විමර්ශන කොමිසමට යවා ඇති තිබේ. එහි පිටු 1500 කට අධික ප්‍රමාණයක් ඇති බැවින් අල්ලස් කොමිසමේ විශේෂඥ කණ්ඩායමක් විසින් එම වාර්තාව අධ්‍යනය කරනු ලබයි.

බැඳුම්කර ගනුදෙනු වලදී හා එයට අදාළ සිද්ධීන් වලදී අල්ලස් චෝදනාවන් ඉදිරිපත් කළ හැකි සිදුවීම් වී ඇති බවට අල්ලස් කොමිසම සිය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව ඉදිරිපත් කළ යුතු චෝදනා, එම චෝදනා ඉදිරිපත් කළ යුත්තේ අල්ලස් පනතේ කුමන නීතීය යටතේද යන්න සහ ඒ සඳහා ඇති සාක්කි ආදිය පිළිබඳව අල්ලස් කොමිසමේ විශේඥ කණ්ඩායමක් විසින් වැඩිදුරටත් අධ්‍යනය කරමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

බැඳුම්කර කොමිසමේ වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් අල්ලස් කොමිසමේ ඉහළ නිලධාරීයෙක් පැවසීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top