බංග්ලාදේශ තුන්කොන් එක්‌දින ක්‍රිකට් තරගාවලියට පිටත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායම ඊයේ (11 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට සහභාගි විය. ඇන්ජලෝ මැතිව්ස්‌ගේ පිල සහ දිනේෂ් චන්දිමාල්ගේ පිල අතර පැවැති මෙම පෙරහුරු තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
මැතිව්ස්‌ගේ පිල වෙනුවෙන් තිසර පෙරේරා අංක පහ පිතිකරු ලෙස පැමිණ පන්දු 91 කදී හයේ පහර පහක් සහ හතරේ පහර දහයක් සමග ලකුණු 119 ක්‌ද, නිරෝෂන් දික්‌වැල්ල ලකුණු 56 ක්‌ද, ලබා ගත්තේය. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වෙද්දී ජයග්‍රහණය හඹා යමින් සිටි චන්දිමාල්ගේ පිල පන්දුවාර 41 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 273 ක් රැස්‌කරගෙන සිටියේය.
ලකුණු තත්ත්වය
මැතිව්ස්‌ගේ පිල පන්දුවාර 45.2 කදී සියල්ල දැවී ලකුණු 278 යි. (තිසර පෙරේරා 119, නිරෝෂන් දික්‌වැල්ල 56, මැතිව්ස් 12, උපුල් තරංග 21, අකිල ධනංජය 22, නුවන් ප්‍රදිප් 46/2, වනිදු හසරංග 45/2)
චන්දිමාල්ගේ පිල පන්දුවාර 41 කදී කඩුලු 8 කට ලකුණු 273 යි. (වනිදු හසරංග 70, ධනංජය ද සිල්වා 47, කුසල් මෙන්ඩිස් 39, දිනේෂ් චන්දිමාල් 24, අකිල ධනංජය 4/81)