ලෝකය

බද්ධ දරුවන් වෙන්කර ලෝක වාර්තාවක්

රියාද් නුවර කිංග් අබ්දුල්ලා විශේෂ ළමා රෝහලේශල්‍ය වෛද්‍යවරුන් ශරීරයෙන් එකට බද්ධ වී සිටි පලස්තීන දරුවන් දෙදෙනකු සංකීර්ණ ශල්‍යකර්මයකින් පසු සාර්ථකව වෙන් කිරීමට සමත් වී ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ශල්‍යකර්මය සාර්ථකව නිම කිරීම සඳහා අදියරයන් 9ක් සම්පුර්ණ කිරීමට සිදුව ඇති අතර ඒ සඳහා පැය 13ක කාලය වැය කිරීමට ශළ්‍ය වෛද්‍ය කණ්ඩායමට සිදුවී ඇත.

සංකීර්ණ ශළ්‍යකර්මය සාර්ථක කරගැනීමට නායකත්වය ලබාදී ඇත්තේ වෛද්‍ය, අබ්දුල්ලා බින් අබ්දුලාසිස් අල්-රබියා විසින්ය.

කිංග් අබ්දුල්ලා විශේෂ ළමා රෝහලේ සිදුකරන ලද 45වැනි ශල්‍යකර්මය වන අතර බද්ධව සිටි දරුවන් වැඩි සංඛ්‍යාවක් වෙන් කරමින් තබන ලද ලෝක වාර්තාවක් බව නිවේදනයක් නිකුත් කරමින් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top