News

න්‍යෂ්ටික යුද්ධයේ බොත්තම මගේ අතේ

න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කිරීමේ බොත්තම පවතින්නේ තමාගේ මේසය උඩ බවත් ඒ නිසා ඇමරිකාවට කිසිම විටක යුද්ධය ආරම්භ කිරිමට නොහැකි වනු ඇති බවත් උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රකාශ කර සිටියි.

පටිගතකර විකාශනය කර ඇති මෙම පණිවුඩයෙන් ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේ,

“මෙය තර්ජනයක් නොවේ, මේක තමයි යථාර්ථය, ඇමරිකාව සිටින්නේ දකුණු කොරියාවේ න්‍යෂ්ටික පරාසය තුළ“ බවයි.

කෙසේ වුවද තමා සාකච්ඡාවට සූදානම් බවද උතුරු කොරියානු ජනපතිවරයා මෙම නිවේදනයෙන් අඟවා ඇත.

ඔහු තවදුරටත් පවසා ඇත්තේ දකුණු කොරියාවේ සියොල් නුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් තරඟාවලියට ද තම රටෙන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top