දැනුම

විවාහයේදී ගැහැණිය පුරුෂයාට වඩා වයසින් අඩු විය යුතුයි.

ස්‌ත්‍රිය සහ පුරුෂයා දෙදෙනාම ස්‌වස්‌ථව හෙවත් නිරෝගී විය යුතු යෑයි ආයුර්වේදයේ දක්‌වා ඇත.

ඔවුන් තුළ මමත්වය ආත්මාර්ථකාමී බව කාමයේ තද ඇල්ම වහා කිපෙන සුලු බව සහ වෙනත් මානසික ආබාධ නොවිය යුතුය.

එමෙන්ම කංසා, ගංජා, අබිං වැනි මත් ද්‍රව්‍යයන්හි ගිජු වූ ස්‌ත්‍රීන් පුරුෂයන් නොවිය යුතුය.

දෙදෙනාම ඉතා යහපත්, නිරෝගී, බලවත් රෝග පීඩාවලින් නොපෙළෙන ප්‍රියමනාප අය විය යුතුය.

ස්‌ත්‍රියකගේ පරිපූර්ණත්වය

පුරාතන මතය අනුව ස්‌ත්‍රියක්‌ පරිපූර්ණත්වයට පත්වන්නේ වයස අවුරුදු 16 න් පසුවය. එවිට ඇයගෙ හොඳින් මේරූ බීජ පිටවේ. එනිසා ස්‌ත්‍රියක්‌ විවාහ වී දරුඵල ලැබීමට සුදුසුම වයස ලෙස සලකන්නේ වයස අවුරුදු 23 න් පසුය.

පුරුෂයකුගේ පරිපූර්ණත්වය

පුරුෂයකුගේ පරිපූර්ණත්වය සිදුවන්නේ වයස අවුරුදු 25 න් පසු බව පුරාතන මතයයි. එවිට ඔහුගේ පුරුෂබීජ හොඳින් මෝරා සක්‍රීයව පවතී.

විවාහයේදී ස්‌ත්‍රිය පුරුෂයාට වඩා වයසින් අඩුවිය යුතුයි.

විවාහයේදී ස්‌ත්‍රිය පුරුෂයාට වඩා වයසින් අඩුවිය යුතු බව පිළිගත් මතයයි. සමාජධර්ම අනුව එය එසේ විනැයි කිසිසේත්ම නොසිතිය යුතුය. ජීව විද්‍යාත්මකව ද මෙය පිළිගත් සත්‍යයකි. ස්‌ත්‍රියකගේ ආර්ථව දර්ශනය සාමාන්‍යයෙන් වයස අවුරුදු 12 දීත් පුරුෂයාගේ යුව ප්‍රාප්තිය වයස අවුරුදු 16 දීත් සම්පූර්ණ වේ. එබැවින් ස්‌ත්‍රියත් පුරුෂයාත් අතර වයස්‌ පරතරය අවුරුදු 04 ක්‌ වත් විය යුතුය.

වෛද්‍යාචාරිනී සී. කරුණාදාස

උපුටා ගැනීම දිවයින

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top