ක්‍රිඩා

හතුරු සිංහ වැඩ බාර ගනියි

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පනත අනුව පුහුණුකරුවකු තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් නොකෙරෙන නමුත්  අවසානයේදී තෝරාගනු ලබන කණ්ඩායම සම්බන්ධයෙන් පුහුණුකරුවාටත් වගකීමක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙයි. ඒ අනුව ජනවාරි 7 වැනිදා පැවැත්වෙන ව්‍යවස්ථා සංශෝධනයේදී අවශ්‍ය වෙනස්කම්  කිරීමට සැලසුම්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී 20 වැනිදා පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසීය.

“අවසන් කණ්ඩායම (11 දෙනා) තෝරාගැනීමේදී පුහුණුකරුවාගේ ශක්තිය දුර්වල වුවහොත් පුහුණුකරුට අවශ්‍ය විදියට කණ්ඩායම හදාගෙන යාමට අමාරුයි. අපි දැක්කා මෙතන අඩුපාඩුවක් තියෙනවා.”

“පුහුණුකරු සහ විශේෂයෙන් කණ්ඩායමේ නායකයා අවසානයට තෝරාගන්නා කණ්ඩායමේ කොටස්කරුවන් විය යුතුයි. වර්තමාන ව්‍යවස්ථාව අනුව පුහුණුකරු තේරීම් කමිටුවේ සාමාජිකයෙක් වෙන්න බෑ. අපි ඔහුව වගකීමට සහ වගවීමට තල්ලු කරනවානම් වගකීමත් එක්ක වගවිමටත් නෛතික භාවයක් දිය යුතුයැයි” තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වශයෙන් වැඩ බාරගැනීම සම්බන්ධයෙන් 20 වැනිදා පැවැති පුවත් පත් සාකච්ඡාවේදීය.

වර්තමාන ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන අභියෝගත්, ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වයත්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් එක්ක බැලුවම අපිට මේ අවස්ථාවේ මොනවගේ පුහුණුකරුවෙක්ද අවශ්‍ය කියලා සොයනකොට අපිට තිබ්බ ප්‍රධාන දේ තමා නූතන තාක්ෂණයත් එක්ක වර්තමානයේ ක්‍රිකට්වල අභියෝග පිළිබඳ හසල දැනුමක් ඇති විද්‍යාත්මක පදනමක් මත ක්‍රීඩාවට අවතීරණ වන පුහුණුකරුවෙක් විදියට චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු වශයෙන් තෝරා ගැනීමේදී කටයුතු කළ පිළිවෙත බව සුමතිපාල මහතා පැවැසීය.

අපට තිබූ අමාරුම කාළයේදී කණ්ඩායම රැකබලාගත් වැඩබලන පුහුණුකරු නික් පෝතස් මහතාට ස්තූති කිරීමටද තිලංග සුමතිපාල මහතා අමතක නොකළේය.

“අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ දෙවැනි ආගම වගේ. අපි හැම කෙනාම බලාපොරොත්ු වන්නේ මොන ක්‍රිඩාවෙන් ඉදිරියට ආවත් වැඩක් නෑ ක්‍රිකට් ක්‍රිඩාවෙන් ඉදිරියට පැමිණියේ නැතිනම්. අනෙක් ක්‍රීඩා සියල්ල එයින් යටවනවා” යයි මාධ්‍ය හමුවට එක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් හොද තීරණයක් ගනිමින් චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු වශයෙන් තෝරා ගැනීම පිළිබඳව ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පිරිනැමීය.

“ගෞරයක් මෙන්ම ආඩම්බරයක්. හොඳ අවස්ථාවක් තමන්ගේ රටේ පුහුණුකරුවෙකු වෙන්න ලැබීම. හරි කාළයේදී මට මේ අවස්ථාව ලැබිල තියෙන්නේ.” යයි කී හතුරුසිංහ මහතා ඔහුට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාටත් ක්‍රිකට් ආයතනයටත ස්තූති කළේය.

බංග්ලාදේශයේ පුහුණුකරු වශයෙන් ඔබ කටයුතු කරද්දි ශ්‍රී ලාංකිය පුහුණුකරුවන් කිහිප දෙනෙක් ඔබේ සහයට හිටියා. තිලාන් සමරවීර දැනට කණ්ඩායම සමගින් එක්වී සිටිනවා. අනිත් අයත් ඔබ සමගින් එකතු වේදැයි මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් හතුරුසිංහ මහතා මෙසේ පැවසීය.

“දැනට එහෙම අදහසක් නෑ. අපිට අවස්ථාවක් ලැබුනොත් ඉදිරියේදී එම පුහුණුකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට බඳවා ගැනීමට හිතලා බලන්න පුළුවන්…. රුමේෂ් රත්නායක, අවිශ්ක ගුණවර්ධන, හෂාන් තිලකරත්න, තිලාන් සමරවීර සහ චමින්ද වාස් වැනි හුඟක් හොද ක්‍රීඩකයින් කණ්ඩායම සමගින් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන්ගේ සහයෝගය සහ දායකත්වය බලලා ඉදිරියේදී උවමනා වුනොත් තව කොහේහෝ තැනක් තියෙනවනම් දියුණු කරන්න අපිට ඒ ගැන හිතලා බලන්න පුළුවන්.” යයිද හතුරුසිංහ මහතා පැවසීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top