gossip

පුරුෂයන් වසග කරන ස්ත්‍රි මායම්

ස්‌ත්‍රියක්‌ යනු ස්‌වභාවයෙන්ම බොළඳ, සුකුමාල තැනැත්තියකි. උපතින්ම අනුන් වසඟ කර ගැනීමේ හැකියාවක්‌ ඇය සතුව පවතී, ස්‌ත්‍රියකගේ සිනහව, බැල්ම. ඇවිදීම, කථාබහ, ආදී මෙකී නොකී බොහෝ දේ තුළින් ඇය පුද්ගලයන්ව ඇද බැඳ තබා ගැනීමට සමත්ය. ස්‌වභාව ධර්මයෙන් ලැබී ඇති දේට වඩා වැඩි යමක්‌ ඇතැම් ස්‌ත්‍රීන් කිරීමට උත්සාහ කරයි. එවන් චර්යා රටා මායම් ලෙස අර්ථකථනය වේ. ස්‌ත්‍රීන් විසින් විරුද්ධ ලිංගිකයන් ඇද බැඳ තබා ගැනීමට යොදන ස්‌ත්‍රී මායම් 64 කි. ඒවා මෙසේය.

1. නෙතඟින් බැලීම

2. ඇස්‌ කැරකැවීම/ ඇස්‌ නැටවීම

3. ඇස්‌ පියවීම.

4. ඇස්‌ නෙරා බැලීම.

5. වරින් වර බැලීම.

6. ඇස්‌ අඩක්‌ වැසීම.

7. ඇස්‌ සම්පූර්ණයෙන් වැසීම.

8. වෙනතක්‌ බලා සිටීම.

9. යමක්‌ සිඹීම.

10. නාසය අකුලා ගැනීම

11. සුසුම් ලෑම.

12. කට කොනට නගා සිනා සීම.

13. තොල පිට පෙරළා සිනාසීම.

14. කොක්‌හඬලා සිනාසීම

15. තොලින් තොල හැපීම

16. බොරු කැස්‌ස

17. දිව දික්‌ කිරීම.

18. දිව විකා පෙන්වීම.

19. දිව නැටවීම

20. කෑරීම.

21. රෙද්ද ලිහා නැවත ඇඳීම.

22. පැළඳ සිටින ආභරණ වරින් වර ඇල්ලීම.

23. හුරු අත වැනීම.

24. බඩ අත ගෑම (හේතුවක්‌ නැතිව)

25. අත් කැසීම (හේතුවක්‌ නැතිව)

26. පය කැසීම (හේතුවක්‌ නැතිව)

27. ලයෙහි අත තැබීම.

28. අත් දෙක බැඳගෙන ලතාවට සිටීම.

29. දෙපා බරකර යැම.

30. පයින් ඉරි ඇඳීම

31. පයින් පය ගැටීම

32. අවයව පෙනෙන ලෙස සිටීම.

33. අවයව පෙනෙන ලෙස ඉඳගෙන සිටීම.

34. අවයව පෙපෙන ලෙස නිදා ගැනීම.

35. හේතුවක්‌ නොමැතිව අවේලාවේ නිදා ගැනීම.

36. දොරකඩ රැක සිටීම.

37. කථා නොකර සිටීම.

38. දෙපා විහිදාගෙන සිටීම.

39. උඩබලාගෙන සිටීම.

40. කර බාගෙන සිටීම.

41. නාභිය පෙනෙන පරිදි රෙදි ඇඳීම.

42. බොළඳ ලෙස කථා කිරීම.

43. පියයුරු තද කර ඇඳීම.

44. මදක්‌ නැමී බැලීම.

45. උරහිස නැටවීම.

46. ඉඟටිය නැටවීම.

47. පයෝධර නැටවීම.

48. දුවගොස්‌ ගෙට වැදීම.

49. දොර කවුළු ආදියෙන් එබී බැලීම.

50. බොරුවට ඈනුම් ඇරීම.

51. කොණ්‌ඩය ලිහාගෙන යැම.

52. මඟ යමින් ආපසු හැරී බැලීම (කෙස්‌ වැටිය අතරින් බැලීම.)

53. වස්‌ත්‍රයේ කොනක්‌ අල්ලාගෙන යැම.

54. ශබ්ද කොට කතා කිරීම.

55. දරුවන් සමඟ බොරු හුරතල් කිරීම.

56. කෝප වූවකු මෙන් කතා කිරීම.

57. ස්‌ත්‍රීන්ගේ අගුණ කීම.

58. කවට වචන කතා කිරීම.

59. පිරිමින්ගේ අගුණ කීම.

60. බොරු නෑකම් කීම.

61. බුලත් කෑමේ ගිජු බවක්‌ දැක්‌වීම.

62. බොරු ක්‌ලාන්ත ගතියක්‌ දැක්‌වීම.

63. විසිතුරු දෙයක්‌ දෙස බලා වඩා කුහුලක්‌ දැක්‌වීම.

64. ඉතා සුළු දෙයටත් බොහෝ බියවීම.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top