gossip

හෙට ලංකාවට උල්කාපාත වර්ෂාවක්

මෙම වසරේ වඩාත්ම හොදින් දර්ශනය වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට (13/14) දිනයන්හිදී ලංකාවට ඉතාම හොදින් දර්ශනය වන බව ග්‍රහලෝකාගාරය පවසයි.

සුදු, කහ, කොළ, නිල් සහ රතු වර්ණ සහිත වෛවර්ණ උල්කාවලින් යුතු මෙම ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මෙම වසරේ ශ්‍රී ලංකාවට දක්නට ලැබෙන අවසන් උල්කාපාත වර්ෂාව බව ග්‍රහලෝකාගාරය සදහන් කරයි.

සෑම වසරකම දෙසැම්බර් 7 සිට 17 දක්වා කාලයේ දර්ශනය වන මෙම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්තාව හෙට(14) රාත්‍රියේ උදාවනු ඇති බව ග්‍රහලෝකාගාරය පවසයි.

හෙට රාත්‍රි 9න් පසු නැගෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට ආසන්නයේ දී අහස ඉහළ මධ්‍යයේත් , අලුයම් කාලයේ දී බටහිර අහස දෙසිනුත් කඩාහැළෙන තරු ආකාරයට උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව කියති.

මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට හෙටඅලුයම 2 ත් 4ත් අතර කාලය වඩාත්ම සුදුසු වේලාව බවත් එම අවස්ථාවේ දී පැයකට උල්කාපාත 120 පමණ ඇද හැළෙන බවත් එය පියවි ඇසින් දැකිය හැකි බවත් ග්‍රහලෝකාගාරය පවසයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top