දැනුම

මනු ලොවත් දෙව් ලොවත් යා කල අපූරු පාලම

මෙම ඡායාරූප දුටු පමණින් අපගේ මතකයට නැගෙන්නේ අප කුඩා කළ ඇසූ සුරංගනා කතා වල තිබූ වළාකුළු වියන් මැදින් ගමන් කරන අපූරු පාලම් සහිත සුන්දර දසුන්ය. නමුත් පියවි ලෝකය තුළ දී සියලු සුන්දරත්වයන් අත් විඳිමින් වළාකුළු මැදින් ගමන් කළ හැකි එවැනි අපූරු ස්ථානයක් ඇති බව ඔබ නිකමටවත් සිතුවාද?

පහතින් තිබෙන්නෙ පාලම ඉදිකරන අවස්ථාවේ ගත් ඡායාරූපයකි.

මෙම අරුම පුදුම දුර්ලභ අවස්ථාව අත්විඳීමේ භාග්‍ය උදා වන්නේ ප්‍රංශයේ ජීවත් වන පුද්ගලයෙකුට හෝ ප්‍රංශයේ සංචාරය කරන පුද්ගලයෙකුට පමණි. එයට හේතුව වළාකුළු වියනක් මැදින් දිවෙන “මිලාව් වියාඩක්ට්” නම් මෙම අපූරු ගුවන් පාලම ඉදි කර ඇත්තේ ප්‍රංශයේ මිලාව් නගරයේ වීමයි. ලෝකයේ උසින් වැඩිම ගුවන් පාලම ලෙස සැළකෙන මෙම පාලමෙහි උස පොළව මට්ටමේ සිට මීටර් 343 කි. මීටර් 2460 ක දිගින් යුතු මෙහි සම්පූර්ණ පළල මීටර් 32.05 කි.

බ්‍රිතාන්‍ය වාසතු විද්‍යාඥයෙකු වූ නෝර්මන් ‍ෆෝස්ටර් සහ ප්‍රංශ ජාතික සිවිල් ඉංජිනේරුවකු වූ මයිකල් වයලොගෙක්ස් යන දෙදෙනාගේ ආකෘති සැළසුම් අනුව ඉදි වූ මෙම ගුවන් පාලම 2006 වසරේදී වාස්තු විද්‍යාත්මක වශයෙන් විශිෂ්ඨතම ආකෘතියට හිමි LABSE සම්මානය ද හිමි කර ගැනීමට සමත් විය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top