gossip

බිරිදට පහරදීම සැමියාගේ අයිතියක්

ඉස්‌ලාමික කාන්තාවට ඒ ආගම තුළින් ලැබෙන්නේ හරිම සීමිත නිදහසක්‌. ඒ වගේම, අවම අයිතිවාසිකම් හිමිකම් ප්‍රමාණයක්‌. ඉස්‌ලාම් ආගම අන්තවාදය කෙරේ යොමු වෙන තරමටම ඉස්‌ලාමික කාන්තාවන්ට තියෙන නිදහස එන්න එන්නම සීමා වුණා. ඒ වගේම ඉස්‌ලාමය ලෝකය පුරා පැතිරෙද්දී ඉස්‌ලාමයේ මේ අන්තවාදී නීති රීති ඒ ඒ රටවලටත් පැතිරෙන්න පටන් ගත්තා.

බ්‍රිතාන්‍යය කියන්නේ කාන්තා හිමිකම් ගැන ඉහළින් සිතන රටක්‌ වුණත් දැන් දැන් මේ කාන්තාවන්ගේ හිමිකම් උල්ලංඝනය වෙන ඉස්‌ලාමික නීති රීති බ්‍රිතාන්‍යයටත් ඇතුළු වෙන්න පටන් අරන්.

Office for Standards in Education” Children’s Services and Skills (Ofsted) කියන ආයතනය විසින් මෑතකදී කරපු අධ්‍යයනයකදී බ්‍රිතාන්‍යයේ ඉස්‌ලාමික පාසල් බොහොමයකින් හොයා ගත්ත පොත පතවල තිබිලා තියෙන කාන්තාවන්ට එරෙහි ඉගැන්වීම් ගැන මේ දවස්‌වල මාධ්‍යයෙන් විශේෂයෙන් කතා බහ කරනවා.

බ්‍රිතාන්‍යයේ එක්‌තරා ඉස්‌ලාමික ආගමික පාසලකින් Ofsted සංවිධානය හොයාගෙන තියෙන පොතක නම ‘Women Who Deserve to Go to Hell’ (අපායට යන්නට සුදුසු කාන්තාවෝ) බව ටයිම්ස්‌ සඟරාව වාර්තා කරනවා. ඔවුන් කියන විදිහට තමන්ගේ ස්‌වාමියාට අකෘතඥ වීමත්, ජීවිතය ගැන ඉහළ ඉලක්‌ක තබා ගැනීමත් කාන්තාවක්‌ අතින් සිදුවූවොත් ඒවා බරපතළ වැරදි විදිහට ගණන් ගැනෙන බවයි ඒ පොතේ සඳහන් වෙන්නේ.

-“විසිවැනි සියවසේ මුල් භාගය තුළ කාන්තාවන්ට ලැබුණු නිදහස කාන්තාව ඉබාගාතේ යන තත්ත්වයක්‌ කෙරේ යොමු කරවන්නට හේතු වූයේය” යෑයි ඒ ග්‍රන්ථයේ වැඩිදුරටත් සඳහන් බව ටයිම්ස්‌ පුවත්පතේ වාර්තා වෙනවා.

Ofsted ආයතනය අධ්‍යයනය කළ තවත් ඉස්‌ලාමික පාසලකදී හමු වුණු තවත් කියවීම් පොතක -“පර්දාවක්‌ පැළඳගෙන තමන්ගේ හිරිඔතප් රැකගන්න ගෞරවනීය පෙරදිග කාන්තාව” සහ -“සිනමාහල්වල අවන්හල්වල නිදහසේ ඇවිදිමින් පුරුෂ ආකාර්ෂණයට නිරාවණය වෙන අභ්‍යන්තරිකව දූෂිත වුණු බටහිර කාන්තාව” ගැන සංසන්දනයක්‌ අඩංගු වන බව සඳහන් වෙනවා.

මේ අධ්‍යයනයේදී හමුවුණු අනෙකුත් ඉගෙනුම් පොත්පත් අතර ඉස්‌ලාමික විවාහක කාන්තාවක්‌ හැසිරෙන්න ඕන කොහොමද කියලා විස්‌තර වෙන පොත් පත් පවා තිබුණා. -“තම ස්‌වාමියාගේ ලිංගික අවශ්‍යතා පිරිමැසීම ප්‍රතික්‌ෂේප කරන්නට කිසිම බිරිඳකට අයිතිවාසිකමක්‌ නැත.” කියා ඒ පොත්පත් වලින් කියවෙනවා.

ඒ පාසල්වල සිසුන්ගේ පොත්වල -“කාන්තාවට සැලකිය යුතු අයුරු” ගැන ලියවුණු කරුණු විදිහට -“පිරිමියාගේ අණට යටත් නොවී හිතු මනාපයට වැඩ කරන ගැහැනිය නිවසින් නෙරපන්නට සුදුසු” බවද, -“ගැහැණිය කීකරු නැති නම් ඇයට පහර දෙන්නට පුරුෂයාට අයිතියක්‌ ඇති” බවද,-“ගැහැනියගේ කාර්ය භාරය වනුයේ දරුවන් වැදීමත්, ඒ දරුවන්ව මුස්‌ලිම් ජාතිකයන් සේ ඇති දැඩි කිරීමත් පමණක්‌” බවද ඔවුන්ගේ පොත් පත්වල සටහන් වෙන බව Ofsted සංවිධානයේ සාමාජිකයන් හට දැකගන්නට හැකි වුණා.

මේ ඉගැන්වීම්වලට වෙනස්‌ අදහස්‌ තියෙන පොත පත හැම එකක්‌ම ඒ ඉස්‌ලාමික පාසල් වල පුස්‌තකාල වලින් ඉවත්කොට තිබුණු බවත් ඒ සංවිධානයට දකින්නට ලැබුණා.

-“එදිනෙදා ජීවිතය හා සම්බන්ධතා” යන මාතෘකාවෙන් සිසුන්ට දී තිබුණු ප්‍රශ්න පත්තරයකට සිසුන් “තිබුණ පිළිතුරුත් මීට සමාන පිළිතුරු වුණා.

-පිරිමියා ගැහැනියට වඩා ශාරීරිකව ශක්‌තිමත්” බවත්, -ගැහැනිය පිරිමියාට වඩා මානසිකවද දුර්වල” බවත්, එනිසා කාන්තාවන්ගේ ආරක්‌ෂකයන් වීමට පුරුෂයාට සුදුසුකම් ඇති බවත් ඒ ප්‍රශ්නවලට බොහෝ සිසුන් පිළිතුරු ලෙස ලියා තිබුණා. ගුරුවරුන් විසින් ඒ පිළිතුරු නිවැරදි ලෙස හරි ලකුණු කර ලකුණුද ලබා දී තිබුණා.

කාන්තාව අයිතිවාසිකම් අහිමි තුන්වන පන්තියේ පුරවැසියෙක්‌ බව කියෑවෙන ඉස්‌ලාමික ඉගැන්වීම් තහවුරු කරන ආකාරයේ පොත් පත් අතිරේක කියවීම් ලෙස නිර්දේශ කොට තිබුණා. මෙලෙස ගවේෂණයට ලක්‌ වුණු බ්‍රිතාන්‍ය ඉස්‌ලාමික පාසල් අතර, එරට රජයේ අනුමැතිය ලත් ඉස්‌ලාමික පාසල්, නිදහස්‌ ආගමික පුහුණු පාසල් වගේම අනවසර මද්රසා පාසල් පවා තිබුණු බවයි ඒ සංවිධානය කියන්නේ.

එමෙන්ම මේ පාසල්වල ප්‍රාථමික පන්තිවල පටන්ම සිසුවියන් හිජාබය පැළඳිය යුතු වුණා. මේ හිජාබ් භාවිතය පිළිබඳව ප්‍රශ්න කළ යුතු යෑයි මේ පරීක්‌ෂකයින් පවසා සිටිනවා. ගැහැනු දරුවකු වැඩිවිය පැමිණෙන තෙක්‌ හිජාබය පැළඳීමේ අවශ්‍යතාවක්‌ නැති බව බොහෝ ඉස්‌ලාමික ඉගැන්වීම්වල සඳහන් වෙන නිසා ඇත්තටම ප්‍රාථමික පන්තිවල දැරියන්ට හිජාබය අනවශ්‍ය දෙයක්‌.

මේ අන්තවාදී ඉස්‌ලාමික ඉගැන්වීම් ගැන මේ වගේ ස්‌වාධීන සංවිධාන වලින් ප්‍රශ්න කළත් බ්‍රිතාන්‍ය පුරා දැනටමත් පැතිරෙන ඉස්‌ලාමික අන්තවාදයේ වෙනසක්‌ වේවි කියලා හිතන්නටවත් බෑ. ඒ තරම් වේගයකින් බ්‍රිතාන්‍යය මුස්‌ලිම්කරණයට යටත් වෙමින් තියෙන බව තමයි ජනගහන සංඛ්‍යාලේඛන දත්ත වලින් කියවෙන්නේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top