gossip

මරා දැමීමට නියමිත බ්‍රිතාන්‍ය හමුදාවේ සුනඛයන් දෙදෙනා ආරක්‍ෂක ලේකම් බේරා ගනියි

ඇµaගනිස්‌තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ සඟවා තිබූ බිම් බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක්‌ සොයා දහස්‌ ගණනකගේ දිවි බේරාගත් හමුදා සුනඛයන් දෙදෙනා විෂ එන්නත් මගින් මරා දැමීමට සත්ව ආරක්‍ෂක මධ්‍යස්‌ථානයේ ප්‍රධානියා ගත් තීරණය බ්‍රිතාන්‍ය ආරක්‍ෂක ලේකම් විසින් නතර කර ඇත.

සිව් වසරකට පෙර මෙම සුනඛයන් දෙදෙනා සේවයෙන් විශ්‍රාම ලබා තිබේ. කෙවින් සහ ඩෑෂ් යන නමින් හඳුන්වන මෙම සුනඛයන් දෙදෙනාගේ දිවි ගලවා ගැනීමට ක්‍රියා කර ඇත්තේ ලාන්ස්‌ කෝප්‍රල් කෙලී වුල්ස්‌ ටෙන් ක්‍රෝප්ට්‌ ය.

බ්‍රිතාන්‍ය හමුදාවේ මේ අමානුෂික ක්‍රියාදාමයෙන් පෙන්නුම් කරන්නේ යුද විරුවන් පවා අවශ්‍ය නැත්නම් මරා දමන බවයි. මෙම සුනඛයන් දෙදෙනා සොයාගත් බිම් බෝම්බ නිසා ඇµaගනිස්‌තානයේ බ්‍රිතාන්‍ය සෙබළුන් විශාල පිරිසකගේ දිවි ගැලවී ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top