gossip

kingston සමාගම ලොව වැඩිම ධාරිතාවයක් ඇති පෙන් ඩ්‍රයිව් එක නිපදවයි

වර්තමානයේ දී දත්ත හුවමාරු කර ගැනීම සඳහා වැඩි වශයෙන්ම භාවිතාවන තාක්ෂණික උපාංගයක් ලෙස  USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එහෙමත් නැතිනම් පෙන් ඩ්‍රයිව් හඳුන්වන්න පුළුවන්.

මීට වසර කිපයකට පෙර මෙගා බයිට් 4,8,16 ක පමණ කුඩා දත්ත ප්‍රමාණයක් ගබඩා කල හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව් මුල් වරට වෙළඳපලට නිකුත් වුණා. දත්ත හුවමාරු කීරීමේ දී මේවායේ ඇති පහසුව සහ ආරක්ෂිත බව නිසා ලොවපුරා වේගයෙන් ජනප්‍රිය වීමත් සමඟ වැඩි ධාරිතාවයක දත්ත ගබඩා කල හැකි ෆ්ලෑෂ් ඩ්‍රයිව් විවිධ නිෂ්පාදකයන් විසින් වෙළඳපලට නිකුත් කරනු ලැබුවා.

කෙසේවෙතත් තාක්ෂණයේ දියුණුවත් සමඟ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ ගබඩා කල හැකි දත්ත ප්‍රමාණය පිළිබඳව කිසවිටකවත් පාරිභෝගිකයන් නම් සෑහීමකට පත් වූයේ නැහැ. තමන් සතු ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ අවශ්‍ය තරම් ඉඩක් එහෙමත් නැතිනම් ධාරිතාවයක් නොමැති වීම ඔවුන්ට සැමවිටම ගැටළුවක් වුණා.

ෆ්ලෑෂ් ඩ්‍රයිව් නිෂ්පාදනයේ සුප්‍රකට නාමයක් හිමි kingston technologies සමාගම තවත් බොහෝ කාලයකට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකේ ධාරිතාවය පිළිබඳ ගැටළුවක් ඇති නොවන තරමේ නිෂ්පාදනයක් වෙළඳපලට නිකුත් කිරීමට සැරසෙනවා. Data Traveler ultimate GT ලෙස නම් කර ඇති ඔවුන්ගේ නවතම ෆ්ලෑෂ් ඩ්‍රයිව් නිෂ්පාදනය ටෙරා බයිඩි 2ක ධාරිතාවකින් යුක්ත බව සමාගම පවසනවා. නවීන ලැප්ටොප් පරිගණකයක මතක ධාරිතාවයට වඩා වැඩි ධාරිතාවයක් ඇති මෙය අඟල් 3කටත් වඩා දිගින් අඩුයි.

මෙතෙක් ලෝකයේ නිෂ්පාදනය කර ඇති වැඩිම ධාරිතාවක් සහිත ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක වන මෙය  zinc-alloy ආවරණයකින් යුක්තයි.  එළඹෙන පෙබරවාරි මාසයේදී මෙය වෙළඳපලට නිකුත් කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර මෙහි මිල ගණන් පිළිබඳව කිසිවක් තවමත් සමාගම විසින් සඳහන් කර නැහැ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top