ශ්‍රි ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරගයේ පලමු දිනය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් විරාට් කෝලි ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කල අතර ඉනිම ආරම්භ කලේ ෂිකාර් ධවාන් සමගින් මුරලි විජේයි.
දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස ෂිකාර් දවාන් ලකුණු 23 කට දැවී ගිය අතර පුජාරාටද සාර්තක වීමට හැකියාව ලැබුනේ නැත.කෙසේ වෙතත් තුන්වන කඩුල්ලට විරාට් කෝලි සමග එක් වූ මුරලි විජේ ඉන්දියානු ඉනිම විශාල ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට සමත් විය.
මුරලි විජේ 155 ට දැවී ගිය අතර නොදැවී පන්දුවට පහර දෙන විරාට් කෝලි ලකුණු 156 ක් හා රෝහිත් ෂර්ම ලකුණු 6 ක් ලබාගෙන පන්දුවට පහර දෙමින් සිටිනවා.
හෙට තරගයේ දෙවන දිනය වන අතර ඉන්දියාව කඩුළු 4 ක් දැවී ලකුණු 371 ක් ලබාගෙන පන්දුවට පහර දෙමින් සිටිනවා.