gossip

දරුවන් නැති කාන්තාවන්ට කවදාවත් මේ දේවල් 5 කියන්න එපා

විවාහ වුණත් තවමත් කාන්තාවක් තම පවුල නිසි ලෙස ආරම්භ නොකිරීමට හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. අසමබරතාව, තවමත් සූදානම් නැතිකම, හා ස්වාමි පුරුෂයා සමග ඇති බරපතල ගැටුමක් මේ සඳහා මූලික වෙන්න පුළුවන්. මේ තත්වයන් තව තවත් උග්‍රවන්නේ සමාජය ඇගෙන් “ඇයි තවමත් දරුවෙක් නැත්තේ?” කියා ඇසීමෙනි. ඉතා සුළු පිරිසක් “ඇයි ඔයා තාම ගර්භණී නැත්තේ?” කියලා කෙලින්ම අහනවා.

1) “ඔයා උත්සාහ කරනවාද?”

ඇයි ඔබ මේ ප්‍රශ්නය අසන්නේ? අන් අයගේ ප්‍රජනන සැලසුම් ගැන ඔබට දැන්නගන්න අවශ්‍ය නෑනේ. ඒ වගේම ඔවුන්ගේ ලිංගික ජීවිතයත් ඔබට වැදගත් නෑ. නමුත් බොහෝ අවස්තාවල මේ ප්‍රශ්නය ඇසෙනවා. ඔබ මෙය අසන්නේ වැරදි හැඟීමකින් නොවෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නය උත්තරදීම සඳහා අමුතු ප්‍රශ්නයක්. ඔබේ ප්‍රශ්නය නිසා ඇය ගොඩක් අපහසුතාවයට පත්වෙනවා. සමහර විට මින් වැරදි වැටහීමක් ඇතිවෙන්නත් පුළුවන්. ඒ, අඹු-සැමි යුවල අතර ඇති සමීප ඇසුර “වටින් ගොඩින්” ඔබ පිරික්සනවාද යන හැඟීමත් මින් ඇතිවීමයි.


2) “තව කල් අරින්න එපා”

දරුවෙක් ලැබීමට අපට ඇති කාලය සීග්‍රයෙන් ගතවෙනවා කියන කතාව තරමක් දුරට මිත්‍යාවක් බව පැවසිය හැකියි. වයස 30හ පසුවීත් නැතිනම් හතලිස් ගණන් වලිදීත් කාන්තාවන් රැසක් සෞඛ්‍ය සම්පන්න දරුවන් බිහිකරනවා. විහාහවෙන සමහර ජෝඩු තම ජීවිතය ස්ථාවර වෙනතුරුම දරුවන් ගැන සිතන්නේ නෑ. වෘත්තීමය වශයෙන් හා ආර්ථික වශයෙන් ශක්තිමත් වුණු පසුව දරුවන් සෑදීමට දැන් ප්‍රවණතාවයක් ඇතිවෙලා.

සමහර කාන්තාවන් තම දරුවෙකු පිළිසිඳ ගැනීමට ඉතිරිවී ඇති කාලය ගැන පීඩනයට පත්වෙමින් ඉන්න පුළුවන්. ඉතින් ඔබ ඇයට කීවාම, “තව කල් යවන්න එපා” කියා, ඇය දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. ඇගේ උත්සාහය මෙතෙක් දුරට අසාර්තක වී ඇතිනම්, ඔබේ පැවසීම ඇයට මහත් සිත් තැවුලක් ඇතිකරනවා.


3) “තව කල් තියෙනවා”

ඔව්, ඔබ හරි. නමුත් එම යුවල නියත වශයෙන්ම දරුවෙක් අපේක්ෂාවෙන් සිටින විට මේ ප්‍රකාශය කිරීම නිස්සාර කියමනක්. එම යුවල දරුවෙක් බලාපොරොත්තුවෙන් පීඩා විඳිනවා. මෙය එක් ආකාරයෙකින් ගත් කළ, තරහින් ඉන්න කෙනෙක්ට “තැන්පත්වන්න” කියා කීමකට සමානයි. ඔබේ ප්‍රකාශය ඇත්තක් වුණ්ත් එය අනවශ්‍ය ප්‍රකාශයක්.


4) “දරුවන් නොමැතිව හොඳයි”

යුවලක් දරුණු ලෙස දරුවෙක් අපේක්ෂාවෙන් සිටිනවා නම්, ඔබ කොහොමද කියන්නේ “දරුවන් නැතිව ඔබ දෙපල හොඳයි කියලා”. ඔබ දරුවන් සිටින කෙනෙක් නම්, ඔබේ ප්‍රකාශය තව තවත් අනුවණ වෙනවා.

ඔවුන් දරුවන් නොසෑදීමට තීරණය කර ඇති නම් (ජානමය වශයෙන් පැතිරිය හැකි දරුණු රෝගයක් නිසා හෝ) ඉන් ඔවුන් දරුණු සිත් තැවුලෙන් ඉන්නේ. ඉතින්, කිසිදා මේ ප්‍රකාශය කරන්න එපා. එය හරියටම කීවොත් “මගේ දරුවන්ගෙන් එක්කෙනෙක් ඕනේද?” කියා අසනවාට සමානයි.


5) “මගේ ඥාති සහෝදරිය/ මිතුරිය/දුව යෝගා කිරීමෙන්, හොඳ ආහාර රටාවකින්, හා යාච්ඤා කිරීම මඟින් දරුවෙක් ලැබුවා”

එම යුවල නියත වශයෙන්ම දරුවෙකු වෙනුවෙන් උත්සාහ කරනවා නම්, මේ කාරණා ගැන අනිවාර්යෙන්ම හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ඔවුන් දරුවෙකු පිළිසිඳගැනීම ගැන ඔබෙන් උපදෙස් පැතුවා නම්, ඔබ දන්න සෑම දෙයක්ම පැවසීමේ කිසිම වැරැද්දක් නෑ.

ඔබට මේ කාරණාව ගැන හොඳ දැනුමක් තියෙනවා නම්, යම් උපදෙසක් දීමේ ගැටළුවක් නෑ. ඔවුන් ඔබෙන් ඇසුවේ නැතිනම්, උපදෙස් දෙන්න යන්න එපා. දරුවෙකු වෙනුවෙන් දැඩිලෙස උත්සාහකරමින් සිටින යුවලක් “පිළිසිඳගැනීම” ගැන හොඳ ගවේෂණයක් කර ඇති.

ඔබේ එක් යෙහෙළියක් දරුවෙකු නැතිව පීඩා විඳිනව නම් ඔබට කළ හැකි හොඳම දෙය වන්නේ ඇයට ඇහුම්කන්දීමයි. මිතුරියක් වශයෙන් ඇයගේ සිත සනසන්න බලන්න. හිස් වචන හෝ උපදෙස් දෙන්න යන්න නම් එපා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top