රෑට නින්දෙන් ගොරවන එක අසනීප තත්වයක් කියලා තමයි බොහෝ අය හිතාගෙන ඉන්නෙ. නමුත් ඒක අසනීප තත්ත්වයක් නෙවෙයි.
නමුත් නින්දෙන් ගෙරවීම මුල්කොට ගත් අසනීප තත්ත්වයකුත් තිබෙනවා. ඒකට කියන්නේ Sleep Apnea කියලා. මේ තත්ත්වය වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුව කළ යුතු වෙනවා. එසේ නොමැති වුවහොත් මේ රෝගය නිසා ඉතා කලාතුරකින් යමෙකු මිය යාමට වුණත් පුළුවන්.
කොහොම වුණත් අනිත් අයට නිදා ගන්න බැරි වෙන තරම් ශබ්ද නගා ගොරවන අය වෙනුවෙන් නිර්මාණය කරපු අලූත් ගැජට් එකක් හඳුන්වලා දෙන්නයි මේ හදන්නෙ. මේකට කියන්නෙ snore stopper කියලා. ඒ කියන්නෙ ගෙරවීම නතර කරන උපාංගය කියන එකයි. මේක හදලා තියෙන්නේ සැහැල්ලූ ප්ලාස්ටික්වලින්. නිදා ගන්න කලින් රූපයේ ආකාරයට නාසයට පළඳින එක විතරයි කරන්න තියෙන්නෙ. මේක පැළඳුවා කියලා නින්දට බාධාවක් ඇති වෙන්නෙ නැහැ.
ඉතින් රෑට ගොරවන කෙනෙක් (හැබැයි නින්දෙන්) ගෙදර ඉන්නවා නම් ඔබටත් මේ උපාංගය බොහොම ප‍්‍රයෝජනවත් වේවි. ඒකට හේතුව නින්දෙන් ගෙරවීම නිසා ප්‍රශ්න ඇතිවන්නේ ගොරවන තැනැත්තාටත් වඩා ඒ අවට සිටින අයට වීම නිසයි.
රුපියල් 200 ත් 300 ත් අතර මිලකට snore stopper එකක් දැන් ඔබටත් මිලදී ගන්න පුළුවන්. කංකරච්චලයක් වන කෙනෙකුගේ නින්දෙන් ගෙරවීම වලක්වන්න මේ වගේ පුංචි මුදලකට පුළුවන් කියන එකත් ලොකු දෙයක් නේද?
